හෙටින් ආරම්භ වීමට නියමිත දකුණු අප්‍රිකා – පාකිස්තාන දෙවන ටෙස්ට් තරගයෙන් පසුව දකුණු අප්‍රිකානු ටෙස්ට් නායකත්වයේ වගකීමෙන් ක්වින්ටන් ඩි කොක් නිදහස් කරන බව දකුණු අප්‍රිකානු ප්‍රධාන පුහුණුකරු මාර්ක් බවුචර් අද සදහන් කර සිටියා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ද.අප්‍රිකානු සංචාරය අවලංගු කිරීම හේතුවෙන් ඉදිරි මාස 09 ක කාලය සදහා ද.අප්‍රිකානු කණ්ඩායමට ටෙස්ට් තරගාවලියක් නොමැතිවී තිබෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින් මාර්ක් බවුචර් සදහන්කොට සිටියේ ” පාකිස්තානු ටෙස්ට් තරගාවලියේන් පසුව අපට ලොකු කාලය තිබෙනවා ටෙස්ට් නායකත්වය පිළිබඳව තීරණයක් ලබා ගන්න. අපට නිදහසේ කතා බහ කරලා දීර්ඝ කාලීනව නායකත්වය සදහා සුදුසු කෙනෙක් පත් කරන්න පුළුවන්. අංශ තුනම නායකත්වය දැරීම ඉතාම අපහසු කාර්යක් කියලා මම දන්නවා. විශේෂයෙන් ක්වින්ටන්ට ලොකු පීඩනයක් තිබෙනවා නායකත්වය කියන දෙය. එම නිසා අපට ඔහුගෙන් 100% ක් ලබා ගැනීමට නොහැකිවී තිබෙනවා. විශේෂයෙන්ම ලකුණු අතර නොමැති වෙලාවක නායකත්වය දැරීම තුළින් ඒක ගොඩක් ඉස්මතු වෙලා පේනවා. අපි දන්නවා ක්වින්ටන් කියන්න කොතරම් දක්ශ ක්‍රීඩකයෙක්ද කියන්න. ඒ නිසා ඔහුගෙන් උපරිමය ලබා ගන්න එක තමයි අපේ අරමුණ “ යැයි මාර්ක් බවුචර් සදහන්කොට සිටියේය. එසේම ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ද.අප්‍රිකානු සංචාරය අවලංගු කිරීම පිළිබඳව තමා දැඩිලෙස කණගාටුවට පත්වන බවත් කණ්ඩායමක් වශයෙන් සිදුකළ සැලසුම් සියල්ල අසාර්ථකවී ඇති බවත් බවුචර් අනාවරණය කොට සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here