ලෝක කුසලාන තරග 13 ක් ක්‍රීඩා කිරීමෙන් පසුව ඉන්දීය කණ්ඩායම ප්‍රථම වරට පරාජයට පත්කිරීම පාකිස්තාන කණ්ඩායමට අද හැකියාව ලැබුණා. ඒ අනුව බාබර් අසාම් ඉතිහාසයට එක්වූයේ ඉන්දීය කණ්ඩායමක් ලෝක කුසලාන තරගයකදී පරාජයට පත්කළ පළමු පාකිස්තාන නායකයා ලෙසටයි. එසේම පාකිස්තානය ඉදිරියේ ලෝක කුසලාන තරගයක් පරාජයට පත්වූ පළමු ඉන්දීය නායකයා බවට විරාට් කෝලි ඉතිහාසයට එක්වුණා. එසේම ඉන්දීය කණ්ඩායම පළමු වරට 20 – 20 තරගයක් කඩුලු 10 කින් පරාජයට පත්වූ අතර පාකිස්තාන කණ්ඩායම පළමු වරට 20 – 20 තරගයක් කඩුලු 10 කින් ජයග්‍රහණය කරනු ලැබුවා. තරගයෙන් පසුව අදහස් දැක්වූ විරාට් කෝලි සදහන් කර සිටියේ සකස් කළ සැලසුම් අසාර්ථකවූ බවයි.

” අපි සැලසුම් හරි ආකාරයට ක්‍රියාත්මක කලේ නෑ. පාකිස්තාන කණ්ඩායම ඉතාම හොදින් ක්‍රීඩා කරනු ලැබුවා. විශේෂයෙන්ම අපගේ මුල් කඩුලු 3 ලකුණු 20 ක් තුළ දවාගනිමින් ඔවුන් ඉතාම හොදින් තරගයට අවතීර්ණ වුණා. අපට හොද ආරම්භයක් අවශ්‍ය වෙලා තිබුණත් එය ලබාගැනීමට පාකිස්තාන ඉඩදුන්නේ නෑ” යනුවෙන් විරාට් කෝලි සදහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here