හිටපු පකිස්තාන ක්‍රීඩක රමීස් රාජා විසින් පාකිස්තාන – සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලිය ලෝකයට විහිලු සපයන තරගාවලියක් පමණක් බව සදහන් කර තිබෙනවා. තරග දෙකකින් සමන්විතවූ ටෙස්ට් තරගාවලිය 2- 0 ක් ලෙස පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත්වූ අතර පළමු තරගය ඉනිමක හා ලකුණු 116 ක පරාජයක් අත්කරගත් සිම්බාබ්වේ කණ්ඩායම දෙවන තරගද ඉනිමක හා ලකුණු 147 කින් පරාජයට පත්වුණා. ටෙස්ට් තරග 02 ම දින 03 බැගින් තිබී අවසන් වුණා.

මේ පිළිබඳව අදහස් දක්වමින් රමීස් රාජා සදහන්කර සිටින්නේ ” මෙවැනි නොගැලපෙන ටෙස්ට් තරගාවලි පවත්වන්න එපා. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව මේ මොහොත වනවිටත් යම් අනතුරක තිබෙන්නේ. බොහෝ පිරිසක් ටෙස්ට් තරග නැරඹීමෙන් ඈත්වෙලා තිබෙනවා. එවැනි තත්වයක් යටතේ මෙවැනි ටෙස්ට් තරගාවලි පැවැත්වීම තුළින් සිදුවන්නේ මිනිස්සුන්ට තවත් ටෙස්ට් ක්‍රීඩාව එපා වීම පමණයි.එහි අවසන් ප්‍රතිපලය ලෙසට මිනිසුන් පාපන්දු ඇතුළු වෙනත් ක්‍රීඩාවන් බලන්න පුරුදු වෙනවා. දවස් 03 ක ටෙස්ට් තරග විහිලුවක් ” යැයි රමේස් රාජා ප්‍රකාශ කර තිබේ.

එසේම කණ්ඩායමක් වශයෙන් සිම්බාබ්වේ කණ්ඩායම මෙම තරගාවලිය තුළදී කිසිදු ආකාරයක සාර්ථකත්වයක් නොපන්වූ බවත් ඔවුන් කණ්ඩායමක් වශයෙන් කිසිවක් ඉහෙන නොගත් බවත් රමීස් සඳහන් කර ඇත.


” සමහර මිනිසුන් මතයක් පලකර සිටිනවා දුර්වල මට්ටමේ සිටින කණ්ඩායමක් ඉහළ මට්ටමේ සිටින කණ්ඩායමක් සමඟ ක්‍රීඩා කරන විට දුර්වල මට්ටමේ කණ්ඩායම ඉහල මට්ටමේ කණ්ඩායමෙන් යම් යම් දේවල් ඉගෙන ගන්නවා කියලා. අවසන් ප්‍රතිඵලය කොහොම වුණත් එවැනි කිසිදු දෙයක් සිම්බාබ්වේ කණ්ඩායම ඉගෙන ගන්නවා මම නම් දැක්කේ නෑ. ඔවුන් පළමු තරගයටත් වඩා දුර්වලතා ලෙස දෙවන තරගය ක්‍රීඩා කළේ” යනුවෙන් රමීස් රාජා සදහන් කළ සිටියේය.
සිම්බාබ්වේ කණ්ඩායම් සමගින් ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කිරීමත් සමග බාබර් අසාම් පාකිස්තානය වෙනුවෙන් නායකත්වය ලබාදුන් පළමු ටෙස්ට් තරග හතරම ජයග්‍රහණය කළ පළමු නායකයා බවට පත්වීමට සමත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here