ශූරයන් තීරණය කිරීමට එක් ටෙස්ට් තරගයක් පැවැත්වීම උද්වේගකාරී දෙයක් වුවද ඒ තුළින් කිසිදු ආකාරයකට කිසිදු කණ්ඩායමක සම්පූර්ණ චිත්‍රය නොපෙනෙන බව කේන් විලියම්සන් සදහන් කර තිබෙනවා. වැඩිදුරටත් අදහස් දක්වමින් කේන් සදහන් කර තිබෙන්නේ එක් ටෙස්ට් තරගයක් පරාජයට පත්වූවා කියා ඉන්දීය කණ්ඩායමේ ප්‍රභලත්වය කිසිදු ආකාරයකින් අඩුවක්වී නොමැති බවයි.

(Photo by Alex Davidson/Getty Images)

ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයේදී ඉන්දීය කණ්ඩායම පරාජයට පත්කරමින් කඩුලු 08 ක ජයග්‍රහණයක් ලබා ගැනීමට කේන් විලියම්සන් ප්‍රමුඛ නවසීලන්ත කණ්ඩායමට හැකියාව ලැබුණා.
” අපි හොදින්ම දන්න විදියට ඉන්දීය කණ්ඩායම කියන්නේ ප්‍රභලතම කණ්ඩායමක්. අපි ගොඩක් ආඩම්බර වෙනවා ඉන්දීය කණ්ඩායම වැනි ප්‍රභල කණ්ඩායක් ඉදිරියේ මෙම ජයග්‍රහණය ලබා ගැනීමට හැකිවීම පිළිබඳව. අපි එසේ තරගය ජයග්‍රහණය කළා කියලා කිසිම විටක ඉන්දීය කණ්ඩායම ප්‍රභල නෑ කියලා හෝ ඔවුන් අදක්ශයි කියලා කියවෙන්නේ නෑ” යනුවෙන් විලියම්සන් සදහන් කර සිටියා.
ඉන්දියා ටුඩේ නාළිකාව සමගින් එක්වෙමින් විලියම්සන් තවදුරටත් සදහන් කර සිටියේ මෙම තරගය පරාජයට පත්වූවාත් ඉන්දීය කණ්ඩායම ඉදිරියේදී තවත් ශූරතා ජයග්‍රහණය කරනු ඇති බවයි.

“කිසිම සැකයක් ඔවුන් ගැන තියාගන්න අවශ්‍ය නෑ. මෙම තරගය පරාජයට පත්වුවත් ඉදිරියේදී ඔවුන් තරගාවලි ජයග්‍රහණය කරාවි. ඔවුන් සතුව ඉතාමත් ප්‍රභල වේග පන්දු බළඇණියක් සිටිනවා. ඒ වගේම දගපන්දු බළඇණියත් ගොඩක් ප්‍රභලයි. පිතිකරුවන් ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ ඔවුන් ඒ තරම් විශිෂ්ඨ ක්‍රීඩකයන් පිරිසක්” යනුවෙන් කේන් විලියම්සන් සදහන් කර සිටියා.
එසේම තරගයේ අවසන් දිනය වනවිට ලැබිය හැකි සියලුම ආකාරයේ ප්‍රතිඵලයන් තුන සදහා කණ්ඩායම සූදානම්ව සිටි බවත් විරාට් කෝලි හා චෙටෙස්වර් පුජාරා ඉක්මනින් දවා ගැනීමට හැකිවීම නිසා ඔවුන්ට ජයග්‍රහණය පිළිබඳව බලාපොරොත්තු ඇතිවූ බව විලියම්සන් තවදුරටත් සදහන් කර සිටියා.

(Photo by Philip Brown/Popperfoto/Popperfoto via Getty Images)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here