ඇෆ්ගනිස්තාන දග පන්දු යවන ක්‍රීඩකයෙකු වන නූර් අහමඩ් එළඹෙන බිග් බෑශ් තරගාවලියේ මෙල්බන් රෙනගේඩ්ස් කණ්ඩායම සමගින් ක්‍රීඩා කිරීමට ගිවිසුම් ගතවී තිබෙනවා. 2005 වසරේදී උපන් නූර් අහමඩ් 2020 වසරේ ක්‍රියාත්මකවූ වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියෝජනය කරනු ලැබුවා. එහිදී තරග 5 ක්‍රීඩා කළ ඔහු කඩුලු 07 ක් දවා ගැනීමට සමත්වුණා. ඔහු පළමු පෙළ වරම් දිනාගනු ලැබුවේ 2019 වසරේදීයි.

(via Getty Images)

පසුගියදා අවසන්වූ CPL තරගාවලිය සදහාද නූර් අහමඩ් සෙන්ට් ලුසියා කිටිස් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබා සිටියද වීසා ගැටලුවක් පැණ නැගීම හේතුවෙන් ඔහුට එම තරගාවලිය අහිමිවුණා.එසේම නූර් සමගින් 41 හැවිරිදි ඉම්රාන් තාහීර්ද මෙල්බන් රෙනගේඩ්ස් කණ්ඩායම නියෝජනය කරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here