ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට නව සාමාජිකයකු ලෙස හිටපු ටෙස්ට් ක්‍රීඩක හා කලක් තේරීම් කමිටු සාමාජිකයකු ලෙස ක්‍රියා කළ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ නම ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සදහා යොමුකොට ඇති බව ලංකාදීප පුවත්පත අනාවරණය කරයි. ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා 2013 වසරේ සනත් ජයසූරිය මහතා සභාපතිධූරය දැරූ තේරීම් කමිටුවේ සාමාජිකයකු ලෙස ක්‍රියා කරන ලදි. අසන්ත ද මෙල් මහතා සභාපතිධූරය දරණ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අනෙකුත් සාමාජිකයන් වන්නේ හිටපු ටෙස්ට් ක්‍රීඩක විනෝදන් ජෝන් හා චමින්ද මෙන්ඩිස් මහත්වරුන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here