පසුගියදා ඉන්දීය කණ්ඩායම කඩුලු 10 කින් පරාජයට පත්කළ පාකිස්තාන කණ්ඩායම දශක 3 ක් තිස්සේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලෝක කුසලාන ජයක් සෙවූ පිපාසය නිවාගනු ලැබුවා. මෙය ඉතිහාසයට එක්වූයේ ඉන්දීය කණ්ඩායමක් පළමු වරට 20 – 20 තරගයකදී කඩුලු 10 කින් පරාජයට පත්වූ පළමු තරගය ලෙසටයි.

මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු පාකිස්තාන නායකයෙකු හා විශිෂ්ඨ වේග පන්දු යවන්නෙකු වන වසීම් අක්‍රම් සදහන් කර තිබෙන්නේ ඔහුගේ ජීවිත කාලය තුළ ඉන්දීය කණ්ඩායමක් ලෝක කුසලාන තරගයකදී පාකිස්තානය ඉදිරියේ පරාජයට පත්වනු දැකීමේ සිහිනය යථාර්ථයක්ව තිබෙන බවයි.

” මම මගේ ජිවිත කාලය තුළ පාකිස්තානය ලෝක කුසලාන තරගයකදී ඉන්දීය කණ්ඩායම පරදවනු දැකීමේ සිහිනයකින් සිටියා. එය දැන් යථාර්ථයක් බවට පත්ව තිබෙනවා” යනුවෙන් සදහන් කර සිටියා.
එසේම පාකිස්තාන කණ්ඩායමට උපදෙසක් ලබාදෙමින් අක්‍රම් සදහන් කර තිබෙන්නේ ඉන්දීය කණ්ඩායම පරාජයට පත්කිරීම එක් තරග ජයග්‍රහණයක් පමණක් බවත් එය දැන් ඉතිහාසය පමණක් බවයි.
” එය දැන් අවසන්. එය ඉතිහාසයට එක්වෙලා ඉවරයි. මේක දීර්ඝ ලෝක කුසලාන තරගාවලියක්. මට අවශ්‍යයි පාකිස්තාන කණ්ඩායම ඉදිරි තරග සදහා අවධානය යොමුකරනවා දකින්න” යනුවෙන් අක්‍රම් සදහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here