හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක රුමේෂ් රත්නායක මහතා ශ්‍රී ලංකා A කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා. ඒ එළඹෙන ශ්‍රී ලංකා A කණ්ඩායම හා පාකිස්තාන A කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරගාවලිය ඉලක්ක කරගෙනයි.
එළඹෙන මාසයේදී පාකිස්තාන A කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතවන අතර තරගාවලිය සදහා නිළ නොලත් සිව්දින ටෙස්ට් තරග දෙකක් හා එක්දින තරග තුනක් ඇතුළත් වනවා.


රත්නායක මහතා මීට පෙර කිහිප වතාවක්ම ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්ව කටයුතු කර තිබෙන අතර 2017 වසරේ සිට එතුමා ශ්‍රී ලංකා ක්‍රිකට් හයිපෆෝමන්ස්හි වේග පන්දු යවනන් සමගින් කටයුතු කරනු ලබනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථක පාකිස්තාන තරග සංචාරයේ වැඩ බලන පුහුණුකරු ලෙස කටයුතු කළ රත්නායක මහතා 2019 ලෝක කුසලානය තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබුවා. ඊට අමතරව 2015 ලෝක කුසලාන තරගාවලියේ වේග පන්දු උපදේශකයකු ලෙස කටයුතු කළ එතුමා 1998 , 2001 , 2017 වසර වල ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන පුහුණුකරු ලෙස කටයුතු කළ කීර්තිමත් පුද්ගලයෙක් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here