සුපිරි පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමේ සූදානමකින් පසුවන බව ඩේලි පාකිස්තාන් ක්‍රිකට් වෙබ් අඩවිය සදහන් කර තිබෙනවා.

මෙලෙස මෙම තීරණය ලබාගැනීමට හේතුවවී ඇත්තේ පාකිස්තාන ප්‍රධාන පුහුණුකරු මිෂ්බා උල් හක් හා වේග පන්දු යවන පුහුණුකරු වකාර් යුනිස් එම තනතුරු වලින් ඉවත්වීම බව සදහන් කර තිබෙනවා. පාකිස්තාන මාධ්‍යක් අමතමින් අමීර් සදහන් කර තිබෙන්නේ කණ්ඩායම වෙනුවෙන් නැවතත් ක්‍රීඩා කිරීමට තම සූදානම් බවයි. පසුගිය ජනවාරි මාසයේදී අමීර් සදහන් කර සිටියේ වර්ථමාන ක්‍රිකට් කළමණාකාරීත්වය ඉවත්වුවහොත් පමණක් තමා නැවතත් පාකිස්තානය නියෝජනය කිරීමට සූදානම් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here