ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්තය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී හට කොවිඩ් – 19 ආසාධනයවී ඇති බව එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය නිළ වශයෙන් තහවුරු කරයි. පසුගිය 03 වෙනිදා මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපළ හරහා ශ්‍රී ලංකාවට පැමිණි එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ සිදුකළ PCR පරීක්ෂණයකින් පසුව මෙලෙස මොයින් අලී හට කොවිඩ් – 19 ආසාධනයවී ඇති බව තහවුරුවී තිබෙනවා. ඔහු දින 10 කාලයක් නිරෝධායනයට ලක්කොට ඔහුට ප්‍රතිකාර ලබාදෙන අතර ඔහු සමගින් සමීපව ඇසුරු කළ ක්‍රිස් වෝක්ස් දින 10 ක ස්වයං නිරෝධනයකට ලක්කොට තිබෙනවා. හෙට දිනයේ එංගලන්ත කණ්ඩායම නැවතත් PCR පරීක්ෂණයකට ලක් කිරීමට නියමිත අතර මේ මොහොතේදී සැලසුම් කළ පරිදි බදාදා දින ඔවුන් පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතය.
ලංකාවට පැමිණි මොයින් අලීට කොරෝනා ආසාධන වේ. ක්‍රිස් වෝක්ස් ස්වයං නිරෝධායනයට
MOST POPULAR
අමීර් ක්‍රිකට් පිටියට සමුදෙයි
පාකිස්තානය වෙනුවෙන් ජාත්‍යන්තර තරග 147 ක් ක්‍රීඩාකොට කඩුලු 259 ක් දවාගත් පාකිස්තාන සුපිරි වමත් වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් ජාත්‍යන්තර ක්‍රිකට්...