මාස 4 ක IPL නිහැඩියාවට තිත තබමින් 2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර අද ආරම්භ වීමට නියමිතව තිබෙනවා. තරග 29 ක් පළමු අදියර තුළදී ක්‍රියාත්මකවූ අතර කොවිඩ් 19 වසංගතය හේතුවෙන් තරගාවලිය අත්හිටුවීමට සිදුවූ අතර මේ අනුව ඩුබායි , අබුඩාබි හා සාජා කේන්ද්‍ර කරගෙන දෙවන අදියර අද ශ්‍රී ලංකාවේ වේලාවින් සවස 7:30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. තරගාවලිය පිළිබඳව විවිධ දෙනා අනාවැකි පළකරමින් සිටින මොහොතක හිටපු ඉන්දීය නායකයෙකු හා ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් පිටියේ ප්‍රභල තරුවක් වන විරේන්ද්‍ර සේවාග් සදහන් කර තිබෙන්නේ මෙවර තරගාවලිය ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සතුබවයි.


” මෙවර තරගාවලියේ දෙවන අදියර ඩුබායි , අබුඩාබි නගර වෙත සංක්‍රමණය වීමත් සමගින් මෙවර තරගාවලිය ජයග්‍රහණය කිරීමේ වැඩී ඉඩක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සතුවන බව මට හැගෙනවා. ඒ අතරිනුත් පස්වරක් ශූරතාවය දිනාගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට මෙම තරගාවලිය ජයග්‍රහණය කිරීමට ලොකු ඉඩකඩක් පවතිනවා” යනුවෙන් සේවාග් සදහන් කර තිබෙනවා.


එසේම තවදුරටත් අදහස් දක්වමින් ඔහු සදහන් කර තිබෙන්නේ සෑම කණ්ඩායමකටම දෙවන අදියර තුළදී දස්කම් දක්වමින් තවදුරටත් තරගාවලිය තුළ රැදී සිටීමට හැකි බවයි.
“සෑම කණ්ඩායමකටම තවත් තරග 7 ක් තිබෙනවා. ඒ අනුව සෑම අවස්ථාවක්ම තිබෙනවා සියලුම කණ්ඩායම් සදහා අවශ්‍ය නම් දස්කම් දක්වා තරගාවලිය තුළ වෙනසක් කිරීමට. ඒ වගේම ඔක්තෝබර් මස 10 වනදා දක්වා ලෝක කුසලාන සංචිතයන් වෙනස් කිරීමට හැකියාව තිබෙනවා. මම පුදුම වන්නේ නෑ මෙවර තරගාවලිය අවසන් වන්නට පෙර වෙනස්කම් එකක් හෝ දෙකක් ඉන්දීය කණ්ඩායම තුළ සිදුවුවහොත්” යනුවෙන් සේවාග් සදහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here