2007 ලෝක කුසලානයට සූදානම් වුණේ මාවන්ගේ නායකත්වය යටතේයි.නමුත් අවාසනාවන්ත විදිහට මාවන් පිට කොන්දේ ආබාධයකට ලක්වුණා. ඒ අවස්ථාවේදී තාවකාලික නායකයා විදිහට කටයුතු කරපු මම සාර්ථක එංගලන්ත සංචාරයක් අවසන් කරපු නිසා කණ්ඩායමේ නිත්‍ය නායකයා බවට පත්කිරීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුව හා එවකට ප්‍රධාන පුහුණුකරු වුණ ටොම් මූඩි තීරණය කළා.ඒ විදිහට තමයි මම 2007 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වුණේ.

මේ කාලය තුලදී උපුල් තරංග සමඟින් සනත් ජයසූරිය ඉතාම හොඳින් ආරම්භක පිතිකරුන් ලෙසට ක්‍රීඩා කළා.දෙදෙනාම එක හා සමාන වේගයකින් යුක්තව හොඳ අන්‍යෝන්‍ය අවබෝධයකින් ක්‍රීඩා කරපු නිසා පිට කොන්දේ ආබාධය හේතුවෙන් ඒකාකාරීව කණ්ඩායමේ සාමාජිකයෙකු වෙන්න බැරිවුණ අතපත්තුට කණ්ඩායමේ ස්ථානයක් ලබාදීම ගැටලුකාරී තත්වයක් නිර්මාණය කළා.

මම ලබාගත් සමහර තීරණ ජනප්‍රියම තීරණ නොවුනත් කණ්ඩායමේ අවශ්‍යතාවය හා රටේ ජයග්‍රහණය වෙනුවෙන් එම තීරණ ලබා ගත යුතුව තිබුණා.කිසිදු විටෙක ලබා ගත් තීරණය පිළිබඳව මට පසුතැවීමක් තිබුණේ නෑ.

නමුත් 2007 ලෝක කුසලාන තරඟාවලියට අපි පිටත් වෙන කොට අපට අත්දැකීම් කියන දෙය ගොඩක් වටින නිසා ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට මාවන් අතපත්තු කැඳවීමට තීරණය කළා.

අපේ ප්‍රථම තරගය ආරම්භ වීමට දින දහයකට කලින් අපිට පළවෙනි පුහුණු තරගය නවසීලන්තය සමගින් බාබර්ඩෝස් වලදී තිබුණා.එම තරඟයෙන් අපේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලෙසට උපුල් සමගින් සමඟින් මාවම් ඉනීම ආරම්භ කළා.

උපුල් ශතකයක් වාර්තා කළ අතර මාවන් ලකුණු විසි ගණනක් පමණක් ලබා ගැනීමට සමත් වුණේ.

ඉතින් මම ටොම් සමගින් කතා කරලා ලෝක කුසලාන කුසලාන තරඟාවලියේ ශ්‍රී තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සනත් ජයසූරියගේ ආරම්භක පිතිකරු සගයා ලෙස තරංගව යොදා ගැනීමට තීරණය කළා.අපි එම පුහුණු තරගයේ අවසන් වෙලා හෝටලයට ගිහින් මාවන් මම හා ටොම් මුහුණට මුහුණ සාකච්ඡාවක් පවත්වමින් උපුල් තරංග තමයි අපේ ආරම්භක පිතිකරු කියලා මාවන්ට පැහැදිලි කළා. නමුත් මාවන් අපේ පැහැදිලි කිරීම් වලට එකඟ වුණේ නෑ.

ඒ වෙනකොට මැදපෙළ පිතිකරුවන් විදිහට රසල් , ඩිල්ෂාන් හා චාමර සිල්වා රැඳී සිටියා.චාමර සිල්වා ඉතාම හොඳින් ලකුණු ලබා ගනිමින් සිටි ක්‍රීඩකයෙක්.ඒ වගේම ඩ්ල්ශාන් හා රසල් කියන්නේ ඕනෑම අවස්ථාව පන්දුවාර කිහිපයක් ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රීඩකයන් දෙදෙනෙක්.ඒනිසා මාවන්ට කණ්ඩායමේ මැදපෙළ ක්‍රීඩකයෙකු ලෙස ස්ථානයක් මෙන් වෙන් කිරීමට නොහැකි තත්වයක් නිර්මාණය වෙලා තිබුණේ.

එම තරගාවලිය පුරාවටම මාව අපි සමග විශාල ගණුදෙනුවක් සිදුකළේ නෑ.බොහෝ අය අප ප්‍රථම වටයෙන්ම පරාජය වන බව පැවසුවත් අපි අනු ශූරයන් ලෙස තරඟාවලිය අවසන් කළා. ඉන් පසුව මාවන් ටෙස්ට් තරග කිහිපයක් ක්‍රීඩා කොට ක්‍රීඩාවෙන් සමු ගත්තා.

අනතුරුව මාවන් සමග පැවැත්වූ පළවෙනි සාකච්ඡාව තමයි 2011 හෝ 2012 වසරේදී මාවන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස වැඩ භාරගත් අවස්ථාව. ඊට පෙර එංගලන්තයේදී අප සියළු දෙනා අතර සාකච්ඡාවක් පැවැත්වුණා.ඒ අවස්ථාවේදී මාවන් සිදුවූ සිදුවීම් වලට මගෙන් සමාව ඉල්ලා සිටියා.

ඔහු පවසා සිටියා එදා පැවසූ දෙය නිවැරදිව තේරුම් ගත්තේ නෑ කියන කාරණය.මම පැහැදිලි ව ප්‍රකාශ කළා ඔබ සමග කිසිදු අමනාපයක් මා තුළ නෑ කියන කාරණය.ඒ වගේම පිතිකරණ පුහුණුකරු ලෙස ඔහු සමඟ හොඳින් වැඩ කිරීමට මම සුදානම් කියන කාරණයත් මම පැහැදිලිවම කිව්වා.

අනතුරුව මාවන් වසර කිහිපයකට පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු බවට පත්වුණා.ඒ සෑම අවස්ථාවකදීම අපි ඉතාම ඉහළ සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් හොඳින් ගනුදෙණු කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here