ශ්රී ලංකා ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය අගෝස්තු මස 28 වනදා ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති බව ශ්රී ලංකා ක්රිකට් ප්රධාන විධායක නිලධාරී ඈශ්ලි ද සිල්වා මහතා ප්රකාශ කර සිටී.

කෙසේ වෙතත් මේ පිළිබඳව අවසන් තීරණය ශ්රී ලංකා රජය සමඟ සිදුකරන සාකච්ඡාවකින් පසුව තීරණය කරනු ලබන බවත් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ විවෘත කරන දිනය අනුව තරගාවලිය පැවැත්වෙන දිනය නිශ්චිතව ප්රකාශ කළ හැකිබව තවදුරටත් ඔහු සදහන් කොට සිටී.

විදෙස් ක්රීඩකයන්ගේ සහභාගීත්වය හා ඔවුන්ගේ පැමිණීම පිළිබඳව තීරණය අදාල ක්රිකට් ආයතනයන් සමගින් සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බවටද හෙතෙම වැඩිදුරටත් ප්රකාශ කොට ඇත.
- උපුටා ගැනීම – ඩේලි නිව්ස් පුවත්පත