හෙටින් ආරම්භ වන ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගාවලියේදී තම කණ්ඩායමට අවශ්‍ය නම් තමා පන්දු යවන්නෙකු ලෙසද කටයුතු කිරීමට සූදානම් බව එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට් සදහන්කොට තිබෙනවා. පිතිකරුවෙකු හා නායකයෙකු ලෙස සුවිශේෂී කාර්යක් ඉටුකරමින් සිටින රූට් පන්දු යවන්නෙකු ලෙස මේ දක්වා ටෙස්ට් පිටියේදී කඩුලු 29 ක් දවා ගැනීමට සමත්ව සිටිනවා. ඔහුගේ හොදම පන්දු යැවීම පසුගිය වසරේදී ජොහැන්ස්බර්ග්හිදී දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ලකුණු 87 කට කඩුලු 04 ක් දවා ගනිමින් සටහන් කරගනු ලැබුවා.
කොවිඩ් – 19 ආසාධනය වීම හේතුවෙන් මොයින් අලීගේ සේවය එංගලන්ත කණ්ඩායමට අහිමීවී යාම හේතුවෙන් ඩොම් බෙස් හා ජැක් ලීච්ගේ සහය සදහා මෙලෙස රූට් පන්දු යවන්නෙකු ලෙසද කටයුතු කිරීමට අපේක්ෂිත බව සදහන්. මේ පිළිබඳව අදහස් දක්වමින් ජෝ රූට් සදහන්කොට ඇත්තේ ” මම ඒ සදහා සූදානමින් සිටිනවා. මම ඒ සදහා පුහුණුවීම් වලදී පවා සූදානම් වුණා. ඕනෑම තණතීරුවක ඕනෑම තත්වයක් යටතේ අනෙක් අන්තයෙන් පන්දු යවන පන්දු යවන්නාට සහයක් වෙමින් පන්දු යැවීමට මම සූදානම්. එසේ නොමැතිව දිගු පන්දුවාර සංඛාවක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් ඒ සදහාත් මම සම්පූර්ණයෙන්ම සූදානමින් සිටිනවා ” යැයි ජෝ රූට් සදහන්කොට සිටියේය.
එසේම තරග 02 කින් සමන්විත ටෙස්ට් තරගාවලියකදී පළමු ටෙස්ට් තරගය අතිශයින්ම තීරණාත්මක බවත් එම නිසා හෙටින් ආරම්භ වන ටෙස්ට් තරගයේ හොද ආරම්භයක් ලබා ගැනීමට එංගලන්ත සූදානමින් සිටින බවත් රූට් වැඩිදුරටත් සදහන්කොට සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here