මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 04 අතරට එක්වීකට තම කණ්ඩායම අපොහොසත් වුවද රාහුල් – කුම්බ්ලේ යුගල සමගින් 2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සැලසුම් සකස් කරන බව කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායමේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත අනාවරණය කර සිටී. අනිල් කුම්බ්ලේ කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායම සමගින් කටයුතු කළ පළමු තරගාවලිය මෙය වන අතර නායක KL රාහුල් තරගාවලිය තුළ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 670 ක් ලබා ගැනීමට සමත්විය.

රාහුල් , මයන්ක් , පූරන් , ක්‍රිස් ගේල් , බිශ්නෝයි වැනි ජේෂ්ඨ හා නවක ක්‍රීඩකයන් කණ්ඩායම තුළ සිටියද ඔවුන්ගේ මැදපෙළ පිතිකරුවන් හා පන්දු යවනන්ගෙන් විශිෂ්ඨ දක්ශතා තරගාවලිය තුළදී දැක ගැනීමට නොහැකි විය. අවසන් වතාවට KXIP කණ්ඩායම ප්ලේ ඕෆ්ස් වටයක් තෙක් සුදුසුකම් ලැබුවේ 2014 දී වන අතර මේ පිළිබඳව අදහස් දක්වමින් කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායමේ ප්‍රකාශයකයෙකු ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත සමගින් සදහන්කොට තිබුණේ “KL රාහුල් තරගාවලිය තුළදී විශිෂ්ඨ පිතිහරඹයක නිරතවුණා. මූලික වටයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමගින් පැවති තරගයේදී වැරදි විනිසුරු තීරණයක් නොවන්නට අපට ප්ලේ ඕෆ්ස් වටය කරා ගමන් කරන්න හැකියාවක් තිබුණා. කෙසේවෙතත් ග්ලේන් මැක්ස්වෙල් හා ශෙල්ඩන් කෝට්‍රල් යන ක්‍රීඩකයන් බලාපොරොත්තුවූ තරමට දස්කම් දැක්වූයේ නැ. එවැනි ක්‍රීඩකයන් සමගින් ඉදිරියට ගමන් කිරීම අපහසු දෙයක් ” යැයි සදහන්කොට ඇත.

ග්ලේන් මැක්ස්වෙල් ඉන්දීය රුපියල් කෝටි 10.5 කට හා ශෙල්ඩන් කෝට්‍රල් ඉන්දීය රුපියල් කෝටි 8.5 කට කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායම විසින් මිළට ගත් අතර මෙවර තරගාවලියේදී කිසිදු හයේ පහරක් එල්ල නොකල මැක්ස්වෙල් ලබාගෙන තිබුණේ ලකුණු 108 ක් පමණක් වන අතර ඒ පිතිකරණ සාමාන්‍ය 15.42 ක අගයක පවත්වාගෙන යමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here