මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සතුව තුන් ඉරියව් ක්‍රීඩකයන් රැසක් සිටියද ඔවුන්ව පිතිකරුවන් ලෙසට බොහෝ දුරට යොදා ගැනීමට නියමිත බව රෝයල්ස් ක්‍රිකට් අධ්‍යක්ෂක හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර මහතා සඳහන් සදහන් කර ඇත. ANI පුවත් සේවය වෙත අදහස් දක්වමින් සංගක්කාර සදහන්කොට තිබෙන්නේ ශිවන් ඩූබේ හා බෙන් ස්ටොක්ස් කණ්ඩායම තුළ සිටියද ඔවුන්ව පිතිකරුවන් ලෙස වැඩිපුර යොදාගැනීමට බලාපොරොත්තු වන බවයි.

” අපේ බලාපොරොත්තුව තියෙන්නේ ඩූබේගෙන් පිතිකරුවෙක් ලෙස සේවය ලබා ගැනීමට. ඔහුට පන්දු යැවීමට අවස්ථාවක් ලැබුනොත් එය ඉතාම අඩුවෙන් ලැබෙයි. හරියට ඒක දුර්ලභ අවස්ථාවක් වගේ වෙයි. ඒ වගේම බෙන් ස්ටොක්ස්ටත් පන්දු යවන්න පුළුවන්. නමුත් අපි ඔහුව පිතිකරුවෙක් විදියට යොදාවාගෙන ඔහුට තිබෙන පීඩන හා කාර්ය ප්‍රමාණය සීමා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඔහු අතිවිශිෂ්ඨ පිතිකරුවෙක්. අපි ඔහුගෙන් උපරිමය ලබා ගන්න ඕනී. ඒ වගේම අපිත් එක්ක ක්‍රිස් මොරිස් සිටිනවා. ඔහුගෙන් අපි විශේෂ කාර්යක් බලාපොරොත්තු වෙනවා. ඒ තමයි ජොෆර් ආචර් සමගින් එකතු වෙලා අවසන් පන්දුවාර කිහිපය ක්‍රියාත්මක කරන එක. ඒ තුළින් ආචර්ට තිබෙන පීඩනයත් අඩු වේවි යනුවෙනි කුමාර් සංගක්කාර අදහස් දක්වා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here