නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් අන්තර්ජාතික ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි අංක 01 ස්ථානයට පත්වීමට සමත්ව තිබෙනවා. ඒ ඉන්දීය නායක විරාට් කෝලි හා ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ටීවී ස්මිත් පසුකර යමින්. විලියම්සන් පාකිස්තානය සමගින් පැවති පළමු ටෙස්ට් තරගයේදී ශතකයක් වාර්තා කිරීමට සමත්වීමත් සමගින් ඔහුට මෙලෙස ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පත්වීමට හැකියාව ලැබුණා. අවසන් වතාවට කේන් විලියම්සන් අන්තර්ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පත්වීමට සමත්වූයේ 2015 වසරේදීයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් කේන් විලියම්සන් පවසා තිබෙන්නේ විරාට් කෝලි හා ස්ටීවී ස්මිත් අභිබවා යාමට ලැබීම තමා ලද ගෞරවයක් බවයි.
එම පිතිකරුවන් දෙදෙනා අපේ කාලයේ බිහිවූ අති විශිෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනෙක්. එය ඔවුන් දෙදෙනා එක්දින හා 20 – 20 ශ්‍රේණිගත කිරීම්වලදී පවා ඔප්පු කරලා තියෙනවා. එවැනි අතිදක්ශ ක්‍රීඩකයන් දෙදෙනෙකු පසුකර යාමට ලැබීම මම ලද ගෞරවයක්. එසේම එය මගේ විතරක් නෙමෙයි කණ්ඩායමේ සියලු දෙනාගේම දායකත්වයෙන් ලද ජයග්‍රහණයක් ” යැයි කේන් විලියම්සන් ප්‍රකාශ කොට තිබුණි.

බොක්සිං ඩේ ටෙස්ට් තරගය සඳහා ඉන්දීය නායක විරාට් කෝලි ක්‍රීඩා නොකළ අතර එන තරගය ආරම්භ වීමට ප්‍රථම ප්‍රසාද ලකුණු 901 ක් ලබා ස්ටීවී ස්මිත් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ රැඳී සිටි අතර විරාට් කෝලි ප්‍රසාද ලකුණු 888 ක් සමගින් දෙවන තැනත් කේන් විලියම්සන් ප්‍රසාද ලකුණු 877 ක් සමගින් තෙවන ස්ථානයේත් රැදී සිටියේය.

ස්තූතිය – Stuff.co.nz

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here