ජනවාරි මස 7 වනදා සිඩ්නි ක්‍රීඩාංගණයේදී ඉන්දියාව සමගින් ආරම්භ වීමට නියමිත තෙවන ටෙස්ට් තරගය සදහා ඕස්ට්‍රේලියානු සුපිරි ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් හා විලියම් පොකොව්ස්කි ඕස්ට්‍රේලියානු සංචිතයට කැදවා තිබෙනවා.

ඉන්දියාව සමගින් පැවති 20 -20 තරඟාවලියේදී ආබාධයට ලක්වූ වෝනර් නැවතත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගින් එක්ව සිටින අතර ඉන්දීය කණ්ඩායම සමගින් පැවති පුහුණු තරගයේදී හිසෙහි පන්දුවක් වැදීම හේතුවෙන් පළමු ටෙස්ට් තරගයට සහභාගිවීමට සිටි විලියම් පොකොව්ස්කි හට පළමු ටෙස්ට් තරග දෙකෙහි ඕස්ට්‍රේලියානු සංචිතයේ ඉඩකඩ අහිමිවුණා. මොවුන් දෙදෙනාගේ පැමිණීමත් සමගින් අසාර්ථක තරගාවලියක් ක්‍රීඩා කළ ජෝ බර්න්ස් හට ඕස්ට්‍රේලියානු සංචිතයේ ඉඩ අහිමි වුණා.

Australia Test squad: Tim Paine (c), Sean Abbott, Pat Cummins, Cameron Green, Marcus Harris, Josh Hazlewood, Travis Head, Moises Henriques, Marnus Labuschagne, Nathan Lyon, Michael Neser, James Pattinson, Will Pucovski, Steve Smith, Mitchell Starc, Mitchell Swepson, Matthew Wade, David Warner

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here