ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගය අවසන් වෙලා දැන් සතියක් විතර ගත වෙලා අවසන්. හැබැයි තවමත් එහි සුන්දර අතුරු කතා නැත්නම් තිරයෙන් පිටුපස කතා කණින් කොණින් වාර්තා නම් වෙනවා. මේ එවැනි තවත් එක් කතාවක්. මෙහි කතා නායකයා තමයි එදා ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයේ වීරයා බවට පත්වූ කයිල් ජේම්සන්. ඉන්දීය කණ්ඩායමේ කඩුලු 07 ක් ලබාගෙන තරගයේ වීරයා වුණත් ජේම්සන් නවසීලන්ත කණ්ඩායමේ ලකුණු හඹායෑම අවස්ථාවේදී නම් ඉදලා තියෙන්නේ ක්‍රීඩාගාරයේ තිබෙන නාන කාමරය තුළ. ඒ කිව්වේ බාත්රූම් එකේ. ඒ ගැන Gold AM නම් පුවත් සේවයක් සමගින් එක්වුණ කයිල් ජේම්සන් කීවේ මේ වගේ කතාවක්.

(Photo by Nathan Stirk-ICC/ICC via Getty Images)

“අපේ ලකුණු හඹායාම නරඹන එක තමයි මම ක්‍රීඩකයෙක් ලෙසට තරග නරඹමින් සිටින විට මුහුණදුන්න අපහසුම කාල සීමාව. අපි විවේකාගාරයට වෙලා තරගය ඇත්තටම නැරඹුවේ රූපවාහිනී යන්ත්‍රයෙන්. එතකොට ක්‍රීඩාංගණයට වඩා පොඩි පමාවක් සහිතව තමයි තරගය රූපවාහිනියේ විකාශනය වෙන්නේ. එකවරම ඉන්දීය ප්‍රේක්ෂකයන් ක්‍රීඩාංගණය තුළ විකට් විකට් වගේ කියලා කෑ ගහනවා අපට ඇහෙනවා. නමුත් රූපවාහිනියෙන් ඒක බලපුවාම එක්කො නිළකුණු පන්දුවක්. නැත්නම් එක ලකුණක්. ඉතින් මේක ඉවසන්න බැරිම තැන මම ක්‍රීඩකයන්ගේ නානකාමරයට වෙලා හිටියා. එතනට කිසිම ශබ්දයක් ඇහෙන්නේ නෑ. හරිම නිස්කලංක තැනක්. එතන ඉන්නකොට මට තිබුණ මානසික ආතතිය සම්පූර්ණයෙන්ම නැතිවුණා. කොහොම වුවත් කේන් හා ටේලර් එකතු වෙලා අපිව ජයග්‍රහණය වෙත රැගෙන ගියා” යැයි ජේම්සන් සදහන් කර තිබෙනවා.

(Photo by Alex Davidson/Getty Images)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here