මෙතෙක් කළක් කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සෙන්ට් ලුසියා සූක්ස් යන නාමය යටතේ ක්‍රීඩා කළ කණ්ඩායම නව හිමිකාරත්වයක් යටතට පත්වීමත් සමගින් එහි නම සෙන්ට් ලුසියා කිංග්ස් ලෙස වෙනස් කර තිබෙනවා. එසේම ඔවුන්ට නව ලාංජනයක්ද හිමිව ඇති අතර කණ්ඩායමේ නව හිමිකරුවන් වන්නේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පංජාබ් කිංග්ස් කණ්ඩායමේ හිමිකාරත්වය දරණ KPH Dream Private Limited නම් සමාගමයි.

මේ අනුව ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ හිමිකාරත්වය දරණ සමාගම් විසින් CPL හි කණ්ඩායමක හිමිකාරත්වය ලබාගත් තෙවන අවස්ථාව මෙය වන අතර මීට පෙර 2015 වසරේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩයමේ හිමිකරුවන් විසින් ට්‍රින්බෑගෝ කණ්ඩායමේ හිමිකාරත්වය ලබාගත් අතර බාර්බඩෝස් ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායම තමා යටතට ලබාගැනීමට පසුගියදා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ හිමිකරුවන්ට හැකියාව ලැබුණා.
මෙවර CPL තරගාවලිය මේ මස 26 වනදා සිට සැප්තැම්බර් මස 15 වනදා දක්වා තරග 33 කින් සමන්විත තරගාවලියක් ලෙස සෙන්ට් කිටිස් නේවියස් හිදී පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here