2021 වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඉන්දියාව තුළදීම පැවැත්වීමට හැකි සෑම උත්සහයක්ම ලබා ගන්නා බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සාමාජිකයෙකු උපුටා දක්වමින් මුම්බායි මිරර් පුවත්පත වාර්තා කර සිටී. කෙසේ නමුත් පවතින ගෝලීය කොවිඩ් – 19 වසංගත තත්වය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යද ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට මෙවරද සළකා බලා ඇති රටක් වන අතර තරගාවලිය ඉන්දියාව තුළ පවත්වනවාද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් තවමත් ලබා ගෙන නොමැති බව එම ප්‍රකාශකයා උපුටා දක්වමින් මුම්බායි මරර් පුවත්පත අනාවරණය කර සිටී.

මේ පිළිබඳව තවදුරටත් එම ප්‍රකාශකයා උපුටා දක්වමින් මුම්බායි මිරර් පුවත්පත සදහන්කොට ඇත්තේ එළෙබෙන 10 වනදා ආරම්භ වීමට නියමිත සයිඩ් මුෂ්ටාක් අලි 20 – 20 තරගාවලිය පැවැත්වීමෙන් අනතුරුව ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඉන්දියාව තුළ පැවැත්වීමට හැකි හැකියාව පිළිබඳව අවසන් නිගමනයකට එළැඹනු ඇති බවයි.

එසේම මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පෙබරවාරි මස එකොළොස් වනදා බොහෝදුරට පැවැත්වෙනු ඇති බව මුම්බායි මිරර් පුවත්පත සදහන්කොට සිටී. එසේම තම කණ්ඩායම් තුළ රඳවා ගන්නා හා වෙන්දේසිය වෙත ඉදිරිපත් කරනු ලබන ක්‍රීඩකයන් පිළිබඳව අවසන් තීරණය ලබාගැනීම සඳහා ජනවාරි මස 21 වනදා දක්වා කාලය ලබාදී ඇති බව තවදුරටත් එම පුවත්පත වාර්තා කොට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here