ඉන්දීය කණ්ඩායමේ එංගලන්ත තරගාවලිය ආරම්භ කරමින් පළමු ටෙස්ට් තරගය හෙට ශ්‍රී ලංකාවේ වේලාවින් සවස 3:30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඉන්දීය කණ්ඩායමක් සහභාගි වන සෑම තරගයකදීම මෙන්ම මෙවර තරගාවලියේදීද ඉන්දීය කණ්ඩායමට ලබාදෙන තණතීරුව පිළිබඳව කතාබහක් මේ වනවිට ඇතිව තිබෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින් එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩසන් අදහස් දක්වා තිබෙන්නේ ඉන්දීය කණ්ඩායමට මෙම ලබාදෙන තණතීරු පිළිබඳව කිසිදු ආකාරයක පැමිණිල්ලක් සිදුකළ නොහැකි බවයි.

” මම හිතන්නේ නෑ ඉන්දීය කණ්ඩායමට හැකියාවක් තිබෙනවා කියලා මේ පිළිබඳව කතා කරන්න. මීට මාස 6 කට පමණ පෙර අපි ඉන්දියාවේ සංචාරය කරනවිට ඔවුන් ඔවුන්ගේ රටේ වාසිය උපරිමයෙන් ලබාගෙන තණතීරු නිර්මාණය කළා. මෙය ලෝකේ හැම රටක්ම කරන දෙයක්. ඉන්දීය කණ්ඩායම සතුවත් හොද වේග පන්දු යවන බළඇණියක් තිබෙනවා. ඒ නිසා තණතීරුවේ යම් මට්ටමක තණකොළ තිබුණොත් ඔවුන්ටත් අවස්ථාවක් තිබෙනවා. කොහොම වුවත් තරගය ආරම්භ වීමට පෙර තවත් තණකොළ අඩු කරනු ඇතැයි මම හිතනවා. ඒ කොහොම වුවත් වේග පන්දු යවන්නන්ට හිතකර තණතීරුවක් ලැබෙණු ඇතැයි බලාපොරොත්තු වෙනවා” යනුවෙන් ඇන්ඩසන් සදහන් කර සිටියා.
39 හැවිරිදි වියේ පසුවන ඇන්ඩසන් මේ දක්වා වසර 19 ක් ටෙස්ට් පිටියේ තරග ක්‍රීඩා කර තිබෙන අතර ඔහු සදහන් කර පරිදි IPL ක්‍රීඩා කිරීම තුළින් ඉන්දීය තරුණ ක්‍රීඩකයන් බියකින් තොරව පන්දුවට පහරදෙන බවයි.
“IPL තරගාවලිය ක්‍රීඩා කිරීම තුළින් ඉන්දීය යොවුන් ක්‍රීඩකයන් ඕනෑම අවස්ථාවක ඉතාම හොද වේගවත් පහරක් එල්ල කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. වේගවත් පහරවල් සදහා ඔවුන් කිසිම විටක පසුබට වෙන්නේ නෑ. ඒ දෙය මමා කවදාකවත් සවුරව් ගංගුලි වගේ කෙනෙක්ගෙන් බලාපොරොත්තු නොවන දෙයක්” යනුවෙන් ඔහු සදහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here