ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවැති බොක්සිං ඩේ ටෙස්ට් තරගයට සහභාගීවූ අයෙකුට කොවිඩ් වෛරසය ආසාධනයවී ඇති බව ANI පුවත් සේවය මෙල්බන් ක්‍රිකට් සමාජය උපුටා දක්වමින් වාර්තා කොට සිටී.

ඔහු ක්‍රීඩාංගණයේ කළාප අංක 5 ප්‍රදේශයේ සිට තරගය නැරඹූ අයෙකු වන බවත් ඔහුට සිදුකළ කොවිඩ් – 19 වෛරස හඳුනා ගැනීමේ පරීක්ෂණයකින් මෙලෙස ඔහුට වෛරසය ආසාධනයවී තිබූ බව හදුනාගත් බවත් මෙල්බන් ක්‍රිකට් සමාජයේ නිළ නිවේදනයක් නිකුත් කරමින් සදහන්කොට ඇත.
මේ අනුව හෙට සිට ආරම්භ වීමට නියමිත තෙවන ටෙස්ට් තරගය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන් සියලු දෙනාම මුඛ ආවරණ පැළදිය යුතු බවට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය නිවේදනය කොට ඇතිබව ක්‍රික්ඉන්ෆො වෙබ් අඩවිය උපුටා දක්වමින් ANI පුවත් සේවය සදහන්කොට සිටී. හෙට තරගය පැවැත්වෙන සිඩ්නි ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂක ධාරිතාවයෙන් 25% කට පමණක් තරගය නැරඹීමේ අවස්ථාව ලබාදී ඇත.
