සෑම සිව් වසරකටම වරක්ම පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල හඳුන්වන්නේ ලොව පැවැත්වෙන විශාලතම ක්‍රීඩා උළෙල ලෙසටයි. කෙසේ නමුත් ලොව ජනප්‍රියතම ක්‍රීඩා අතුරින් ප්‍රමුඛ පෙළේ ක්‍රීඩාවක් වන ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අන්තර්ගත වන්නේ නෑ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය 2024 වසරේදී පැවැත්විමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා ක්‍රිකට් ද තරග ඉසව්වක් ලෙස ඇතුලත් කිරීමට උත්සාහ දරමින් සිටින සමයක එයට හොද තල්ලුවක් ලබාදෙමින් සුපිරි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් ඔලිම්පික් තරග සදහා T10 ක්‍රිකට් තරග ඇතුළත් කළයුතු බව සදහන්කොට තියෙනවා. මීට පෙර එංගලන්ත සීමිත පන්දුවාර නායක ඔයින් මෝගන්ද මේ හා සමාන අදහසක් පළකොට තිබුණා.

මීට පෙර 1900 වසරේ පැවති ඔලිම්පික් තරගාවලිය සදහා ක්‍රිකට් ඇතුළත්ව තිබුණා. වැඩිදුරටත් අදහස් දක්වමින් ක්‍රිස් ගේල් සදහන්කොට තිබෙන්නේ ” මම ගොඩක් කැමති T10 වගේ තරග ඉසව්වක් ඔලිම්පික් උළෙලක දකින්නට ලැබෙනවා නම්. ඒක ඔලිම්පික් වලට වගේම ක්‍රිකට් ක්‍රීඩාවටත් යහපත් බලපෑමක් වේවි. ඇමරිකා එක්සත් ජනපදය වගේ රටක උනත් එවැනි තරග ඉසව්වක් පවත්වන්න අපහසු නෑ. එමගින් හොද ආදායමක් වගේම ක්‍රිකට් ක්‍රීඩාව නොමැති රටවල් අතර ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය කරන්න මහගු පිටුවහලක් වෙයි “ යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here