ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගය කඩුලු 07 කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 262 ක ඉලක්කය පහසුවෙන් හඹාගිය ඉන්දීය කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 36.4 කදී සම්පූර්ණ කරගැනීමට සමත්වෙමින්. ශ්‍රී ලංකව වෙනුවෙන් කැපීපෙණන දස්කම් දැක්වූ චාමික කරුණාරත්න තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පවසා සිටියේ ලකුණු 40 – 50 ක් අඩුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ බවයි.

“අපිට ලකුණු 40 – 50 ක් මදි වුණා. ඒ වගේම අපට හාෆ් චාන්සස් දෙක තුනක් මිස් වුණා. ඒ අය බැට් කරනකොට ගොඩක් හොදට බැට් කලා. ඒ ගොල්ලන් B ටීම් එකක් කීවට ඒ අය ගොඩක් හොදින් ක්‍රීඩා කළා. අපි උත්සහා කළේ ඩොට් බෝල්ස් දානවට වඩා විකට්ස් ගන්න. පවර් ප්ලේ එකේ විකට්ස් ගත්තා නම් අපට ගේම් එක චේන්ජ් කරගන්න තිබුණා. මට අයියලා තුන් දෙනෙක් ඉන්නවා. ලොකු අයියා ඔලිම්පික් තරගාවලියට ක්‍රීඩා කරන්න ගිහින් ඉන්නවා. අයියලා 3 දෙනයි මමයි ලංකාවේ බැඩ්මින්ටන් රෑන්කින්ස් වල එක දෙක තුන හතර වෙලා ඉදලා තියෙනවා. මම අංක 3 ඉදලා තමයි බැඩ්මින්ටන් නතර කරලා ක්‍රිකට් වලට ආවේ. අයියා තව දවස් 3 කින් එයාගේ මැච් එක ඔලිම්පික් වල සෙල්ලම් කරනවා” යැයි චාමික සදහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here