ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර තෙවන හා අවසන් එක්දින තරගය හෙට ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 3 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එම තරගයට පෙර පැවති පැවති මාධ්‍ය සාකච්ඡාව අමතමින් දසුන් ශානක සඳහන් කරනු ලැබුවේ ඔහුට නායකයෙකු වශයෙන් මෙම තරුණ කණ්ඩායම කෙරෙහි විශ්වාසයක් තිබෙන බවත් ක්‍රීඩකයන්ට අවශ්‍ය විශ්වාසය ඔහු ලබාදී ලබාදී තිබෙන බවයි.

“ඉස්සරහට කණ්ඩායම නිර්මාණය කරනකොට අපට අන්තිම ඕවර්ස් වල බෝල් කරන්නේ කවුද කියලා අදහසක් තියෙන්න ඕනී. මම බෝලර්ස්ලව බැක් කරපු එක ගැන බිලීව් කලා. අපට එක තරගයකින් ක්‍රීඩකයන්ව මනින්න බෑ. චරිත් අසලංකව එංගලන්තයේදී සෙල්ලම් කරනකොට ගොඩක් අය කියන්න ඇති එයා ඉන්ටර්නැෂනල් මැචස් වලට ගැලපෙන්නේ නෑ කියලා. හැබැයි මම නායකයා විදියට බැලුවේ එයාව ඉදිරිය ගැන බලලා කොහොමද හැඩගස්වන්නේ කියලා. එයාට පරිණත වෙන්න අවස්ථාවක් දෙන්න ඕනී. මොකද එයාට ගොඩක් අය කිව්ව ක්ලබ් මැචස් වල විතරයි දස්කම් දක්වන්නේ කියලා. එයා අත්දැකීම් අරගෙන කාලයත් එක්ක අපේ අංක 03 පිතිකරු බවට පත්වෙයි. ඒ වගේම චාමික ඉතාම හොදින් පන්දුවට පහරදෙනවා. එයාට වෙලාව අවශ්‍යයි හැඩගැහෙන්න. එයා හොද ෆිනිශර් කෙනෙක් කියලා පෙන්නුවා. එයාට කන්ෆිඩන්ස් එක දෙන්න ඕනී. එතකොට ඒ ප්ලේසස් ගැන ප්‍රශ්නයක් වෙන්නේ නෑ. කණ්ඩායමක් විදියට අපි දියුණුවක් තියෙනවා. ලොකු අවස්ථාවක් තියෙනවා හෙටත් අපේ පිතිකරුවන් හොදින් ක්‍රීඩා කලොත් අපට ඉදිරියට යන්න. මම නායකයෙක් විදියට ක්‍රීඩකයන්ට විශ්වාසය ගොඩනංවලා තියෙන්නේ. ඒ විශ්වාසය මත අපට ක්‍රීඩකයන්ගේ දස්කම් ගොඩනගා ගන්න පුළුවන්. කෝච් හා මම අතර ඇතිවුණ කතාබහ උණුසුම් කතාබහක් නෙමෙයි. හැබැයි ඒක ඩ්‍රෙසින් රූම් එකේ වෙන්න තිබුණ දෙයක්. අපි හැමෝම ජයග්‍රහණයේ පිපාසයෙන් ඉන්නේ. අපට වැදගත් තරග ජයග්‍රහණය කරන එක. මෑත කාලයේ අපි තරග ජයග්‍රහණය නොකලත් අපට අමතක වෙලා නෑ තරග දිනන විදිය. අපි එන්න එන්නම හොදින් ක්‍රීඩා කරමින් ඉන්නවා. අපි කරන්න ඕනී දශමයෙන් දශමය ඉදිරියට යන්න. මේ තරුණ කණ්ඩායම ගැන මට ලොකු විශ්වාසයක් තිබෙනවා. අපි ප්ලෑන් එකක් ඇතුව තමයි තරගයට ආවේ. සමහර තීරණ මම තනියම ගත්තා. සමහර තීරණ සාමූහිකව ගත්තා. ඕවර්ස් 40 වෙනකන් ගත්ත තීරණ හරි ගියා මම අතින් ඉන් පසුව අඩුපාඩු සිදුවුණා. අපි ඉක්මනින් ඒවා හදාගන්න ඕනී. අපි තරුණ කණ්ඩායමක්. ප්‍රේක්ෂකයන් තුළ කළකිරීම ඇති වෙන්නේ අපි හොදට ක්‍රීඩා නොකරන විට. මට තියෙන අභියෝගය තමයි ඒ තැනින් ගලවගන්න එක. ඒ සදහා කරන්න ඕනී ගොඩක් වැඩ තියෙනවා. කසුන් රාජිත ආබාධයකට ලක්වෙලා තියෙනවා. ගොඩක් වෙලවට වෙනස්කම් දෙකක් වගේ වෙයි” යනුවෙන් දසුන් ශානක සදහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here