ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 12 ක් හා 20 – 20 ජාත්‍යන්තර තරග 10 ක් ක්‍රීඩා කර තිබෙන 31 හැවිරිදි ක්‍රීඩකයෙක් තමයි ජෙෆ්‍රි වැන්ඩසේ කියන්නේ. වැන්ඩසේ පසුගිය පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට වාසනාවන්ත වුණා. ජාත්‍යන්තර කඩුලු 17 කට හිමිකම් කියනු ලබන වැන්ඩසේ පසුගියදා ඔහුගේ බලාපොරොත්තු පිළිබඳව අදහස් දක්වමින් සදහන් කර තිබෙන්නේ නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම ඔහුගේ එකම බලාපොරොත්තුව බවයි.

” මම මගේ ක්‍රීඩා සමාජය මාරු කළා. මම මෙතෙක් කාලයක් ක්‍රීඩා කලේ සිංහල ක්‍රීඩා සමාජය ( SSC ) සදහායි. දැන් මම ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයයි ( Tamil Union ) නියෝජනය කරන්නේ. නමුත් අවාසනාවන්ත විදියට මේ පාර ක්ලබ් සීසන් එක කල් ගියා. ඒ නිසා මම මගේ ශාරිරික යෝග්‍යතාව පවත්වාගෙන යන්න ගොඩක් උනන්දු වෙනවා. මොකද පන්දු යවන්නෙක් විදියට ශාරීරික යෝග්‍යතාව ගොඩක් වැදගත් වෙනවා.

ඊට අමතරව බෝලිං ඩ්‍රිල්ස් කරනවා. කවදා මැච් පටන් ගනීද කියලා මම දන්නේ නෑ මේ කොවිඩ් වසංගත තත්වය එක්ක. හැබැයි එහෙම කියලා නිකන් ගෙදරට වෙලා ඉන්න බෑ මට. හොද සීසන් එකක් ගහලා ආපහු නැශනල් ටීම් එකට එන එක තමයි මගේ බලාපොරොත්තුව” යනුවෙන් වැන්ඩසේ සදහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here