ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර දෙවන් ටෙස්ට් තරගයේ තෙවන දිනය ඊයේ අවසන් උනේ ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණයේ බලාපොරොත්තු එක් කරමින්.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 04 ක් පමණක් අතැතිව ඉන්දීය පළමු ඉනීමට වඩා ලකුණු 04 ක් ලබාගෙන සිටින අතර අද තරගයේ සිව්වන දිනය ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා.

කෙසේ නමුත් ඊයේ තරගයේ 62 වන පන්දුවාරයේදී ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් සිය සාක්කුවෙන් යමක් රැගෙන ජස්ප්‍රිට් බුම්රා වෙත ලබාදෙන ආකාරය රූපවාහිනී කැමරා වල සටහන්වී තිබුණා.

මෙය කුමක්ද යන්න නිශ්චිතව සදහනක් නොමැති අතර එය ඕස්ට්‍රේලියාව වැනි රටකදී පන්දු යවනන් දෑත් උණුසුම් කර ගැනීමට භාවිතා කරන උපකරණයක්ද නැතිනම් වෙනත් දෙයක්ද යන්න නිශ්චිත සදහනක් තවමත් වාර්තාවී නෑ.

එම උපකරණය යොදාගත් අවස්ථාවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here