2021 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියට දින කිහිපයක් ඉතිරිව තිබෙන මොහොතකදී ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමගින් එක්වීමට ලැබුණහොත් තමා දැඩිලෙස සතුටු වන බව සදහන්කොට ඇත. පසුගිය වර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායම නියෝජනය කළ මැක්ස්වෙල් එහිදී අපේක්ෂා කළ ආකාරයට දස්කම් දැක්වීමට සමත්නොවීම් නිසා ඔහුව කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායමෙන් නිදහස් කරනු ලැබිනි. ඒ අනුව ඉන්දීය රුපියල් කෝටි 02 ක මූලික ලංසුවක් යටතේ ඉදිරිපත් වෙන මැක්ස්වෙල් නවසීලන්තයේ සිට අදහස් දක්වමින් සදහන්කොට ඇත්තේ ” රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමගින් ක්‍රීඩා කිරීමට ලැබෙනවා නම් ඉතාම හොදයි. විශේෂයෙන්ම AB වගේ කෙනෙක් එක්ක එකට ක්‍රීඩා කරන්න ලොකු කැමැත්තක් මට තියෙනවා. මම නිතරම ඔහු ක්‍රීඩා කරන ආකාරය නරඹමින් ඔහුගෙන් බොහෝ දේවල් ඉගෙන ගන්නවා. ඒ වගේම විරාට් කෝලි සමගින් ක්‍රීඩා කිරීමට ලැබීමත් විශාල භාග්‍යයක්. ඔහුගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරන්න මම ලොකු කැමැත්තකින් පසුවෙනවා” යැයි මැක්ස්වෙල් අදහස් දක්වා තිබුණි.

ක්‍රිස් මොරිස් , ශිවම් ඩූබේ , මොයින් අලී වැනි ක්‍රීඩකයන් RCB කණ්ඩායම ක්‍රීඩක වෙන්දේසිය සදහා නිදහස් කොට ඇති පසුබිමක ග්ලේන් මැක්ස්වෙල් යනු ඔවුන්ට හොද ආයෝජනයක් වනු නොවනු මානය. මේ දක්වා මැක්ස්වෙල් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග බිමේ දිල්ලි කැපිටල්ස් , මුම්බායි ඉන්දියන්ස් හා කිංග්ස් ඉලෙවන් පංජාබ් යන කණ්ඩායම් නියෝජනය කොට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here