එළඹෙන 28 වනදා ආරම්භ වීමට නියමිත අබුඩාබි T10 ක්රිකට් තරගාවලියේ Team Abu Dhabi කණ්ඩායමේ උපදේශකයකු ලෙස හිටපු ශ්රී ලංකා සුපිරි ක්රීඩක කුමාර් සංගක්කාර පත්කළ බව Team Abu Dhabi කණ්ඩායමේ නිළ ට්වීටර් ගිණුමේ සටහනක් තබමින් ඔවුන් සදහන්කොට තිබෙනවා.
#Announcement
— Team Abu Dhabi Cricket (@TeamADCricket) January 5, 2021
Former #SriLanka skipper, @KumarSanga2 has been appointed as mentor for #TeamAbuDhabi. The outstanding wicket-keeper & batsman will support & provide leadership to the squad in what is set to be the most exciting season of cricket’s fastest format – #AbuDhabiT10! pic.twitter.com/6tOWApZt1o
කණ්ඩායම් 08 ක සහභාගීත්වයෙන් තරග 28 ක් පැවැත්වීමට නියමිතය අබුඩාබි T10 තරගාවලියේ Team Abu Dhabi කණ්ඩායම අයත් වන්නේ B කාණ්ඩයටයි. එම කාණ්ඩය යටතෙ ගියවර අනුශූරතාවය දිනාගත් ඩකා ග්ලැඩියේටර්ස් , ක්වලන්ඩාර්ස් හා පූනේ ඩෙවිල්ස් කණ්ඩායම ක්රීඩා කිරීමට නියමිතයි. එසේම සුපිරි ක්රීඩකයන් රැසක් නියෝජනය කිරීමට නියමිත Team Abu Dhabi කණ්ඩායම නියෝජනය කරමින් ශ්රී ලංකාවේ අවිශ්ක ප්රනාන්දු ද ජනවාරි මස 28 වන්දා සිට අබුඩාබි T10 තරගාවලියේදී දැකගත හැකිවනු ඇතියී.
