ලෝක ටෙස්ට් ශූරතාවයට අදාලව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය සදහා දින ප්‍රකාශයට පත්කර තිබෙන බව ස්පෝට්ස් ස්ටාර් සගරාව අනාවරණය කර සිටිනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරගාවලිය සදහා ටෙස්ට් තරග 02 ක් සමගින් 20 – 20 තරග 3 ක් ඇතුළත් වනවා. කෙසේනමුත් තරගාවලිය සදහා කිසිදු එක්දින තරගයක් ඇතුළත් වන්නේ නෑ.

තරගාවලිය ආරම්භ කරමින් ටෙස්ට් තරග පළමුව පැවැත්වීමට නියමිත අතර පෙබරවාරි මස 25 සිට මාර්තු මස 0 වන්දා දක්වා බැංගලෝර් හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. දෙවන ටෙස්ට් තරගය මොහාලිහීදී මාර්තු මස 5 – 9 වනදා තෙක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

20 – 20 තරගාවලියේ තරග තුන පිළිවෙලින් මාර්තු මස 13 , 15 , 18 යන දිනයන් වලදී මොහාලි , ධර්මසාලා හා ලක්නව් යන නගර කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට නියමිතව තිබෙන බව සදහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here