එක්දින තරග 03 ක් හා 20 – 20 තරග තුනක් වෙනුවෙන් එංගලන්ත කණ්ඩායම ද.අප්‍රිකාවේ සංචාරය කිරීම සදහා එංගලන්ත රජය විසින් අනුමැතිය ලබාදී තිබෙනවා. තරගාවලිය නොවැම්බර් මස 27 වනදා සිට දෙසැම්බර් මස 09 වනදා දක්වා ද.අප්‍රිකාවේ ක්‍රීඩාංගණ දෙකක් කේන්ද්‍ර කොටගෙන පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ නිළ කාලසටහන පසුව දැනුම් දෙන බව ක්‍රික්ඉන්ෆො වෙබ් අඩවිය සදහන්කොට තිබෙනවා. ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ඩේවිඩ් මාලන් , ෆැෆ් ඩුප්ලෙසීස් හා ඩේවිඩ් මිලර් යන එංගලන්ත හා ද.අප්‍රිකානු ක්‍රීඩකයන් දෙරට අතර පැවැත්වෙන මෙම තරගාවලියට සහභාගි වුවහොත් ඔවුන්ට LPL තරගාවලිය මගහැරුණු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here