එක්දින හා 20 – 20 තරගාවලියකට සහභාගිවීම සදහා දකුණු අප්‍රිකාව බලා ගමන් කරන එංගලන්තය කණ්ඩායම අද නම් කරනු ලැබුවා. 20 – 20 තරගාවලිය සදහා ඔවුන් සම්පූර්ණ කණ්ඩායම නම් කර ඇති අතර එක්දින තරගාවලියෙන් බෙන් ස්ටොක්ස් , ජොෆර් ආචර් හා සෑම් කරන් විවේක ගන්වා තිබෙනවා.
23 දෙනෙකුගෙන් යුත් සංචිතය තුළ ක්‍රීඩකයන් 10 දෙනෙකු එක්දින හා 20 – 20 සංචිත දෙක තුළම නියෝජනය කරන අතර බෙන් ස්ටොක්ස් , සෑම් කරන් , ජොෆර් ආචර් , ක්‍රිස් ජෝර්ඩන් හා ඩේවිඩ් මාලන් 20 – 20 සංචිතය පමණක් නියෝජනය කරනු ලබනවා.
ජෝ රූට් , ක්‍රිස් වෝක්ස් , ලෙවිස් ග්‍රෙගරි , ලියම් ලිවින්ග්ස්ටෝන් හා ඔලී ස්ටෝන් නියෝජනය කරනු ලබන්නේ එක්දින කණ්ඩායම පමණයි.

එසේම ජෝ ඩෙන්ලි හට කිසිදු කණ්ඩායමක ස්ථානාක් හිමිව නොතිබීමද සුවිශේෂී කරුණක් වනවා. එසේම ඕස්ට්‍රේලියාව සමගින් ක්‍රීඩා නොකළ සෑම් බිලිංග්ස් එංගලන්ත 20 -20 කණ්ඩායමට කැදවා තිබෙනවා.
එංගලන්තය කණ්ඩායම එක් පන්දුවාර 50 පුහුණු තරගයක් හා 20 – 20 පුහුණු තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිත අතර එම තරග සියල්ලම එංගලන්ත ක්‍රීඩකයන් කණ්ඩායම් දෙකකට බෙදී ක්‍රීඩා කරනු ඇතී. තරගාවලිය එළඹෙන 27 වනවා නිව්ලන්ඩ්ස්හි පැවැත්වෙන 20 – 20 තරගයකින් ආරම්භ වීමට නියමිතයි.

20 – 20 කණ්ඩායම : Eoin Morgan (c), Jason Roy, Jonny Bairstow, Jos Buttler, Moeen Ali, Jofra Archer, Sam Billings, Sam Curran, Tom Curran, Chris Jordan, Dawid Malan, Adil Rashid, Ben Stokes, Reece Topley, Mark Wood

එක්දින කණ්ඩායම : Eoin Morgan (c), Jason Roy, Jonny Bairstow, Joe Root, Jos Buttler, Moeen Ali, Sam Billings, Tom Curran, Lewis Gregory, Liam Livingstone, Adil Rashid, Olly Stone, Reece Topley, Chris Woakes, Mark Wood
Reserves across both formats: Jake Ball, Tom Banton, Tom Helm.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here