සංචාරක එංගලන්ත කණ්ඩායමේ පළමු පුහුණු සැසිය සැලසුම් කළ පරිදිම අද දින සවස් යාමයේදී පවත්වන බව එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර ඇත.
ඒ ඊයේ දින සිදුකළ PCR පරීක්ෂණ වලදී මොයින් අලී හැර අනෙකුත් එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන් සියලුම දෙනා කොවිඩ් වෛරස ආසාධිතයන් නොවන බවට පරීක්ෂණ වලින් තහවුරු වීමෙන් පසුවය.

එසේම මොයින් අලි සමගින් පළමු පෙළ ආශ්‍රිතයෙකු ලෙස හදුනාගෙන ස්වයං නිරෝධනයකට ලක්කොට සිටින ක්‍රිස් වෝක්ස්ද කොවිඩ් – 19 ආසාධිතයෙකු නොවන බවට ඊයේ දින ලැබුණ PCR පරීක්ෂණ වාර්තා වලින් තහවුරු වුවද ඔහුව තවදුරටත් ස්වයං නිරෝධායනයට ලක්කොට ඇත.
එංගලන්ත කණ්ඩායම මුහුණ දෙන මීළඟ PCR පරීක්ෂණය හෙට දින පැවැත්වෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here