මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන 20 – 20 ක්‍රිකට් තරගාවලිය සඳහා DRS තාක්ෂණය හෙවත් විනිසුරු තීරණ නැවත විමසා බැලීමේ හැකියාව ප්‍රථම වරට 20 – 20 ලෝක කුසලාන තරඟාවලියක් සඳහා අඳුන්වා දී තිබෙනවා. ඔක්තෝබර් මස 17 වනදා ඕමානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර පැවැත්වෙන තරංගයකින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටය ආරම්භ වන අතර ඒ අනුව එක් කණ්ඩායමක් සඳහා එක් තරගයකදී හිමිවන DRS අවස්ථාවන් සංඛ්‍යාව දෙකක්.

ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය සදහන් කරන පරදි ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය හා අවසන් පූර්ව වටයේ තරග ද්විත්වය සදහා යම් හෙයිකින් ඩක්වත් හා ලුවිස් න්‍යාය සළකා බැලීමට සිදුවුවහොත් තීරණයක් ලබාගැනීමට නම් දෙවනුවට පන්දුවට පහරදෙන කණ්ඩායම අවම වශයෙන් පන්දුවාර 10 ක්‍රීඩා කළ යුතු බව සඳහන් වනවා. කෙසේනමුත් පළමු වටයේ තරග සදහා එම නීතිය අදාල නොවන අතර සාමාන්‍ය 20 – 20 තරගයකදි සලකා බලන ආකාරයට පන්දුවාර 5 කින් පසුව ඩක්වත් හා ලුවිස් න්‍යාය ක්‍රියාත්මක කරනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here