ක්‍රීඩකයෙකුට ද්විත්ව ශතකයක් ලබා ගැනීම යනු සිය ක්‍රිකට් ජීවිතයේ ඉතාමත් වැදගත් සන්ධිස්ථානයකි. බොහෝ ක්‍රීඩකයන් හට එම අවස්ථාව ද්විත්ව ශතකය ආසන්නයේදීම අතපසුවීමකින් අහිමිවී යාම සුලභව දැක ගැනීමට හැකි වුවත් සිය නායකයාගේ තීරණයක් හේතුවෙන් ද්විත්ව ශතකයක් අහිමිවී ඇති ක්‍රීඩකයෙකු සිටී නම් ඒ ඔහු අන් කවරෙකුවත් නොව ඉන්දීය සුපිරි පිතිකරු සචින් රමේෂ් තෙන්දුල්කාර් වේ.

මෙම සිදුවීම සිදුවුනේ හරියටම මීට වසර 16 කට පමණ පෙර පාකිස්තානයේ මුල්තාන් නුවරදීය.ඒ ඉන්දු පාකිස්ථාන පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනයේදීය. එම තරගය පිළිබඳව සචින් සිය චරිතාපදානයෙහි මෙලෙස විස්තර කොට ඇත.

ආබායකක් හේතුවෙන් තරගයට ක්‍රීඩා නොකළ නිත්‍ය නායක සව්රව් ගංගුලි

නිත්‍ය නායක සව්රව් ගංගුලි ආබාධයකට ලක්වීම නිසා වැඩ බලන නායකයා විදියට ක්‍රියාකලේ උපනායක රාහුල් ඩ්‍රාවිඩ්. ඩ්‍රාවිඩ් කාසියේ වාසිය දිනාගෙන ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.ආරම්භක පිතිකරුවන් වුණ ආකාශ් චොප්රා ළකුණු 42 කටත් නායක ඩ්‍රාවිඩ් ළකුණු 6 කටත් දවා ගැනීමට සක්ලේන් මුෂ්ටාක් හා මොහොමඩ් සාමි සමත් වුණා.අනතුරුව තමයි මම සේවාග් සමගින් කඩුල්ල්ට එකතු වෙන්නෙ.

ඉතාම හොඳින් දෙදෙනාම ලකුණු රැස්කර ගනිමින් සිටින විට පළමු දිනයේ තේ පානයෙන් පසු සේවාග් අනවශ්‍ය කළබලයක් පෙන්නුම් කලා.හැම පන්දුවකටම පහරදීමට උත්සාහ කලා.ඒ වෙලාවේ මම ඔහු වෙත ගිහින් උපදෙස් දුන්නා පොඩි වෙලාවක් ඉවසලා ඉන්න ඊට පස්සෙ හොද දෙයක් වෙයි කියලා. කොහොම හරි මගේ කීම අහපු ශෙවාග් නතර උනේ දෙවන දිනයේ උදෑසනම ත්‍රිත්ව ශතකයක් වාර්තා කරගෙන.මගේ කීම අහන් නැතුව ලකුණු 294 හිටපු සේවාග් ලකුණු 300 ලබා ගත්තේ 06 පහරකින්.ඒ සමගින් ඔහු ඉන්දියාව වෙනුවෙන් ප්‍රථම ටෙස්ට් ත්‍රිත්ව ශතකයක් ලැබූ ක්‍රීඩකයා බවට පත් වුණා.

සේවාග් ත්‍රිත්ව ශතකය වාර්තා කළ මොහොත

මේ අතර කාල පරාසයේදී මගේ ශතකය වාර්තා කර ගැනීමට සමත්වුණා. වැඩ බලන නායක රාහුල් ඩ්‍රාවිඩ් හා එවකට පුහුණුකරු වෙලා හිටපු ජෝන් රයිට්ගෙන් මම ඇහුවා මොක්කද කණ්ඩායමේ ඉදිරි සැලස්ම කියලා.මොකද අපි ඒ වෙනකොටත් තරගයේ ග්‍රහණය අපේ වෙතට අරගෙන තිබුණේ.ඒ වෙලාවෙ එයාලගෙ උත්තරය වුණේ පකිස්තානයට දෙවන දිනය තුළ අවම වශයෙන් පැයක් වත් පන්දුවට පහරදීමට අවස්ථාව ලබා දෙන්න ඕනී කියලා. එයලා පැහැදිලිවම මට කීවා පන්දුවාර 15 ක් පකිස්තානයයට පන්දුවට පහරදීමට අවස්ථාව ලබා දෙන්න හිතාගෙන ඉන්නෙ කියලා.

සචින් ශතකය වාර්තා කළ මොහොත

තේ පානයෙන් පස්සෙ කණ්ඩායමේ සැලසුමත් ඔලුවෙ තියාගෙන මගේ ද්විත්ව ශතකය ගැන අදහසත් හිතේ තියාගෙන මම පිතිකරණයට ගියේ. කොහොම හරි තේ පානයෙන් පස්සෙ පැය හාගයක් විතර ගියාම අතිරේක ක්‍රීඩකයෙක් වන රමේෂ් පවර් ඇවිත් මට උපදෙස් දුන්නා මගේ ඉනීමේ වේගය වැඩි කරන්න කියලා රාහුල් කියන්න කිවා කියලා. ඒ අවස්ථාවේදී මම විහිලුවක් විදියට අතිරේක ක්‍රීඩක රමේෂ්ට කීවා මම කොහොමද ඉක්මනට ලකුණු ගන්නෙ සම්පූර්ණ ක්‍රීඩා පිටියම විසුරවලා හැරලානෙ කියල.

මම ළකුණු 194 ක් අරගෙන ඉන්න වෙලාවෙ ආපහු පණිවිඩයක් අරගෙන ආපු රමේෂ් කීවා මේ පන්දුවාරය තුළ ද්විත්ව ශතකය ලබා ගන්න රාහුල් තීරණය කරලා තියෙනවා මේ පන්දුවාරය අවසානයේ ඉනීම අවසන් කරන්න කියලා. ඒක අහපු මම එක පාරටම තිගැස්සිලා ගියා. මොකද ඒ වෙනකොට පන්දු 12 ක් ඒ කීවේ මුල් සැලැසුම අනුව ඉනීම නතර කරන්න ඉතිරි වෙලා තිබුණ නිසා.(පකිස්තානයට පන්දුවට පහරදීමට දෙවන දිනයේ පන්දුවාර 15ක් ලබාදීම කියන එක තමයි මුල් සැලැසුම )

ඒ තීරණාත්මක පන්දුවාරය ක්‍රියාත්මක කළෙ පාකිස්තානයේ ආරම්භක පිතිකරු වුණ පා දග පන්දු යවන ක්‍රීඩක ඉම්රාන් ෆර්හාට්. පිතිකරු වුණේ යුවරාජ් සිං. ඉම්රාන් ක්‍රියාත්මක කරපු මුල් පන්දු දෙකම ආරක්ෂාකාරීව ක්‍රියා කල යුවරාජ් තුන්වෙනි පන්දුවට ළකුණු 2ක් අරගත්තා.අනතුරුව සිව්වන පන්දුවට ආරක්ෂාකාරී පහරක් එල්ල කරපු යුවරාජ් පස්වන පන්දුවෙන් ළකුණු 59 කට දැවීගියා. අනතුරුව පැමිණිමීට හිටපු පාර්තිව් පටෙල්ව නතර කරපු ඩ්‍රාවිඩ් පන්දුවාර 161.5 කදී ඉන්දීය ඉනීම් නිමා කිරීමට තීරණය කරල අපව ආපහු ක්‍රීඩාගාරයට කැදවීමට තීරණය කළා.

අවාසනාවන්ත විදියට මට ද්විත්ව ශතකය අහිමි වුණා.ඒ කිසිම පන්දුවකට අවසන් පන්දුවාරය තුළ මුහුණ දීමට නොහැකිව. ඉතාමත් කණගාටුවෙන් හා කළකිරීමකින් යුතුව මම ක්‍රීඩාගාරය වෙත පිය නැගුවා.එම අවස්ථාවේදී ක්‍රීඩාගාරය තුළ සිටි සියලුම කණ්ඩායමේ ක්‍රීඩකයන් ඩ්‍රාවිඩ්ගේ තීරණය පිළිබඳව පුදුමයට පත් වෙලා හිටියා. සමහරු බලාපොරොත්තු වුණා මම මාගේ පිත්ත හෝ හිස්වැස්ම ගලවා විසි කරාවි කියලා.නමුත් මට එවැනි අවශ්‍යතාවක් තිබුණේ නෑ.මම ඉතා සංසුන්ව මගේ පිත්ත හා අනෙකුත් ආම්පන්න පැත්තකින් තියලා අපේ පුහුණුකරු වුණ ජෝන් රයිට්ගෙන් ඉල්ලීමක් කළා මම නැවතත් පන්දු රැකීමට ක්‍රීඩා ක්‍රීඩා පිටිය යෑමට පෙර කතා කිරීමට අවශ්‍යයයි කියලා

එහෙම කියලා මම නාන කාමරයට ගිහිල්ලා මූහුණ සෝදමින් සිටින අතරතුර ජෝ රයිට් ඇවිල්ල මගෙන් සිදුවූ දෙය සම්බන්ධයෙන් සමාව ඉල්ලීමක් කළා..
ඇත්තටම ඒ වෙලාවේ මම පුදුමයට පත් වුණා.මම ඔහුට කිව්වා ඔබ තමයි කණ්ඩායමේ පුහුණුකරු ඔබත් තීරණ ලබා ගන්නා පුද්ගලයන්ගෙන් එක් අයකු වෙන හින්දා සමාව ඉල්ලීම තේරුමක් නෑ කියලා.ඒ වගේම මම කිව්වා දැන් ඒ තීරණය නැවතත් ආපසු හරවන්න බැරි හින්දා හොඳම දේ තමයි පාඩුවේ මම ඉන්න එක කියලා.

මම පුහුණුකරු එක්ක කතා කරල ඉවර වෙනවත් එක්කම එතනට ආවා අපේ කණ්ඩායමේ නිත්‍ය නායක( මෙම තරගයට ක්‍රීඩා නො කරයි) ගංගුලි.ඔහුත් පැමිණ සිදු වූ දෙය සම්බන්ධයෙන් සමාව ඉල්ලීමක් කළ.විශේෂයෙන්ම ඔහු කිව්වා මෙම තීරණය ඔහුගේ තීරණයක් නොවන බව( ඉනිම අත්හිටුවීමට ගත්).
ඒ ප්‍රකාශය මාව නැවතත් පුදුමයට පත් කිරීමට හේතුවක් වුණා.මක්නිසාද මීට පෙර ගත් සියලුම තීරණ පිටුපස ඔහුගේ දායකත්වයක් තිබුණු බව මා දැනගෙන සිටි නිසා.( දෙවන දිනයේ පන්දුවාර පහළොවක් පාකිස්තාන ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදීම යන තීරණය ප්‍රධානව)

දෙවන දිනය අවසානයේ තිබ්බ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් මගින් ඇහුවා සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් කම්පනයට පත් වුණාද කියලා..ඇත්තටම මට සඟවන්න හෝ ලැජ්ජා වෙන්න කාරණයක් තිබුණේ නෑ මම කිව්වා තීරණය පිළිබඳව කම්පනයට පත්වුණා කියලා..

තරගය අවසන් වෙලා නැවතත් හෝටලය වෙත යන තෙක්ම මම සංගීතය රස විඳිමින් ගමන් කලා.අනතුරු ව මම ව්‍යායාම් ශාලාව(Gym) වෙතට ගිහිල්ලා වෙනදටත් වඩා වැඩිපුර ව්‍යායාම කරා සිදුවූ සිදුවීම් අමතක කර ගන්න ඕනි නිසාම.
ඒ වෙලාවෙ පාකිස්තාන ක්‍රීඩකයන් කිහිප දෙනෙකුත් එය තුළ සිටියත් ඔවුන් මා සමග කතා කථා කිරීමට පැමිණියේ නැහැ.

අනතුරුව රාත්‍රිය ළං වනවිට කණ්ඩායමේ කළමනාකරු ලෙස ක්‍රියා කරපු රත්නාකර් ශෙට්ටි සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියා..මම ඔහුව කුඩා කල සිටම දන්නා පුද්ගලයෙක්.ඒ මුම්බායි වලට මම ක්‍රීඩා කරන කාලයේ ඉඳන්.ඔහු පවසා සිටියා ඔහු මෙම තීරණයට එකඟ නොවන නමුත් ක්‍රිකට් තීන්දු වෙත ඔහු බලපෑමක් එල්ල නොකරන නිසා ඔහු නිශ්ශබ්දව සිටියා කියලා.
මම කළමනාකරු සමග කතා කරමින් සිටියදී ඒ අවස්ථාවලදී ක්‍රීඩා විස්තර විචාරකයකු ලෙස පාකිස්ථානය රැඳී සිටි සංජේ මන්ජේකාර් පැමිණ පවසා සිටියා ඉනිම අත්හිටු වීමට ගත් තීරණය ඉතාමත් නිර්භීත තීරණයක් බවත් මෙය ඉදිරි ඉන්දියානු ක්‍රිකට් සඳහා ඉතාමත් සුභදායී දෙයක් කියලා. මම ඒ අවස්ථා ද ඔහුට පැවසුවත් කරුණු කාරණා නොදැන අදහස් ප්‍රකාශ කිරීමෙන් වළකින්න කියලා..මොකද ඔහු දන්නේ නැහැ අපගේ සැලසුම් මොනවද කියන එක.

පසුදා උදෑසනම රාහුල් ඩ්‍රාවිඩ් පැමිණ මා වෙත පැමිණ කතා කළා.ඔහු පවසා සිටියා මම තීරණය (ඉනීම අත්හිටුවීම) සම්බන්ධයෙන් දැඩි අසතුටකින් හා කලකිරීමකින් සිටින බව දැනගත් නිසා කතා කිරීමට අවශ්‍යයි කියලා.මම ඔහුගෙන් විමසා සිටියා මොකද්ද මෙම ඉනිම අත්හිටුවීම පිටුපස තිබ්බ හේතුව කියලා.එතකොට ඩ්‍රාවිඩ් පවසා සිටියා මේක තනිකරම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ලබා ගත් තීරණයක් පමණක් බවත් වෙන කිසිදු හේතුවක් නෑ කියලා.
මම ඒ අවස්ථාවේදි රාහුලට පැහැදිලිවම ප්‍රකාශ කළ මා ලකුණු 194ක් ලබා ගත්තෙත් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් කියලා.එහෙම අවස්ථාවක කණ්ඩායමේ ජයග්‍රහණය කියලා ගත්ත තීරණය මම අනුමත නොකරන වග මම රාහුල්ට පැහැදිලිවම ප්‍රකාශ කළා.

මේ අවස්ථාවේදී රාහුල් මට ප්‍රකාශ කළා අවසන් වරට පැවති ඉන්දීය කණ්ඩායම ඔස්ට්‍රේලියානු සංචාරයේදී සිව්වන තරඟයේ ඉන්දීය දෙවන ඉනිමේදී නායක සව්රව් ගංගුලි ඉනිම අත්හිටුවන බව කියලා දිගින් දිගටම පණිවිඩ එවපු ආකාරය.

අවස්ථාවේදී ඩ්‍රාවිඩ් නොදැවී ලකුණු 91 හා මම නොදැවී ළකුණු 61ක් අරගෙන සිටියා.
එවිට මම රාහුල්ට පැහැදිලි කළා එය හා මෙය අවස්ථාවන් දෙකක් බවත් මෙය වූයේ දෙවන දවසේ පන්දුවාර 16 ක් ඉතිරිව තිබූ මොහොතකත් කියලා.

මේ අවස්ථාවේදී රාහුල් මාව පුදුමයට පත් කරමින් පැවසුවා අනිවාර්යෙන්ම ඔබට නැවතත් ද්විත්ව ශතකයක් ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා කියලා. මම ඔහුට තරයේම ප්‍රකාශ කළ සිටියා එම ද්විත්ව ශතකය මා ලබාගත යුත්තේ ලකුණු බිංදුවේ සිට මිසක ලකුණු 194 සිට නොවන බව.

එසේම රාහුල්ට මතක් කර සිටියා මම මෙම සිදුවීම පන්දු රැකීමේ දී කිසිදු බාධාවක් සිදු සිදු නොකර ගන්නා බවට.නමුත් ක්‍රීඩාගාරයේ සිටින විට මම තනිවම සිටීමට උත්සාහ කළා.මොකද මට එම සිදුවීම මතක් වෙන වාරයක් පාසාම මගේ ඇස් වලට කදුලු පිරුණා.

එම සිදුවීම මම එතනින් අවසන් කළා. මෙම අමිහිරි මතකය කිසිම විටෙක රාහුල් හා මම අතර තියෙන මිත්‍රත්වයට බාධාවක් කර ගත්තේ නෑ. අපි දෙදෙනා ඉන් අනතුරුවද එකට එක්ව ඉතා විශාල සම්බන්ධතා ගොඩනගා ඉන්දියාව ජයග්‍රහණය කරා රැගෙන ගියා.

මෙම තීරණය සමබන්ධයෙන් අදහස් දක්වමින් රාහුල් ඩ්‍රාවිඩ් පවසා තිබුණේ කිසිදු පෞද්ගලික හේතූන් මත මෙම තීරණය ලබා නොගත් බවත් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් පමණක් මෙම තීරණය ලබාගත් බවත් කියලා.ඒ වගේම ඔහු ප්‍රකාශ කර තියෙනවා සචින් පන්දු යැවීමට කැදවූ අවස්ථාවේදී මොයින් ඛාන් දවා ගැනීමට ඔහු සමත්වූ අවස්ථාවේදී සචින් එය සැමරූ ආකාරය දැක වඩාත්ම සතුටට පත්වූ පුද්ගලයා තමා බව කියලා.

මොයින් ඛාන්ගේ කඩුල්ල දවාගත් සචින් එය සැමරූ ආකාරය

මෙම තරගය ඉනීමකින් හා ලකුණු 52 ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම පාකිස්තානය තුළ ප්‍රථම ටෙස්ට් තරග ජයග්‍රහණය ලැබීමට සමත්විය.

පාකිස්තානය තුළ ප්‍රථම වතාවට ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here