කොදෙව් ක්‍රිකට් කන්ඩායම කියන්නේ මෑත කාලයේ ක්‍රිකට් වල සාර්ථක වෙන ක්‍රිකට් කන්ඩායමක්…ඒ වගේම තමයි එයාලා පොලාර්ඩ් නායකයා වුනාට පස්සේ වෙනදට වඩා සාර්ථකත්වයක් පෙන්නනවා.

ඉතිං අපි පොඩ්ඩක් බැලුවොත් කොදෙව් ක්‍රිකට් සහ අපි අද ඉන්නේ එකම තැනක වගේ…

කොදෙව් කියන්නේ විස්සයි විස්ස කප් උස්සපු කන්ඩායමක් වුනාට ඔවුන් අනිත් තරග රටා වල එතරම් සාර්ථක නෑ…

ලංකාවත් එදා විස්සයි විස්ස ලෝක කුසලාන උස්සපු කන්ඩායමක් වුනාට අද ඉන්නේ කොදෙව් ක්‍රිකට් වලටත් වඩා හුගාක් පහලින්…

ඉතිං කාලයක් ක්‍රිකට් වල නහුතෙටම අසාර්ථක වුන කොදෙව් ක්‍රිකට් අද තරග පරාජය වුනත් වෙනදාට වඩා ප්‍රභල කන්ඩායම් තරග රටා තුනේම හදන්න බලනවා.නිසැකවම ඔවුන්ගේ මේ කළමනාකරණයේ ප්‍රතිඵල ඉස්සරහට භුක්ති විදින්න පුළුවන් !

මං ඒ ඇයි කියනවා නම් එයාලගේ මේන් ඉවෙන්ට් එක ටුවෙන්ටි ටුවෙන්ටි !
ඉතිං එයාලා ටුවෙන්ටි වලට අරන් ඉන්නේ ටුවෙන්ටි වල ඔස්තාර්ලා ටිකක්…

එතකොට එක්දින තරග බැලුවොත් ඒකේ ඉන්නේ ශායි හෝප්ලා වගේ අය… ඔය ඩැරන් බ්‍රාවෝ වගේ අය එයාලා අනිත් ෆෝමැට් එක්ක කලවම් කර ගන්නේ නෑ… එයාලා ඕඩි අයි ස්පෙෂලිස්ට්ලා…

එතකොට ටෙස්ට් ක්‍රිකට් බැලුවොත් ඒක අමුතුම එකක්…කෝන්වෙල් වගේ අය එතකොට ක්‍රේග් බ්‍රැත්වයිට් වගේ අය මේයර්ස් බෝනර් වගේ ඒකට වෙනම ස්පෙෂලිස්ට්ලා ටිකක් එයාලට ඉන්නවා.

හැබැයි අපේ ඒක වෙනස් ෆස්ට් ක්ලාස් ගහලා ආපු ඕෂධ අද ටුවෙන්ටි ක්‍රිකට් පවා ගහනවා.අඩුම එල් පි එල් එකේවත් චාන්ස් නොලැබුනු ප්ලෙයර් කෙනෙක් !

පැතුම් ටීම් එකට එන්නේ ටෙස්ට් ස්පෙෂලිස්ට් කෙනෙක් විදිහට…
ඒත් එයාගේ පලවෙනි ටුවර් එකේම එයාව ඕල් ෆෝමැට් ගස්සනවා.

මේක තමයි අපේ ක්‍රිකට් වල තියෙන හෙනේ !!!

ඉන්දියාවේ ටුවෙන්ටි ඕපන් එන රාහුල්ව වන්ඩේ වල ගස්සන්නේ මැද…
නවසීලන්තයෙත් එහෙමයි !
කෝන්වේ විස්සයි විස්ස හොදටම හදලා තමයි අනිත් ෆෝමැට් වලට අරන් එන්නේ…

ඒත් අපේ ඕපන් හොදට කරන එකා මැද ගස්සනවා.ටෙස්ට් ගැලපෙන එක ටුවෙන්ටි හිටන් ගහනවා.මේ සිස්ටම් එක අපි ඉක්මනින්ම වෙනස් කරන්න ඕනි.ලංකාවේ ප්ලෙයර්ස්ලා නැතුව නෙමෙයි මේ තැන් වලට ගහන්න.

තේරිම් කමිටු සභාපති කියන විදිහට මැතිව්ස් එහෙම දැන් වයසයිලු…2023 ලෝක කුසලානය ගහන්න බෑලූ.. හැබැයි දැන් ඇන්ජිට වයස අවුරුදු 34 යි.සාමාන්‍යයෙන් අපේ අය හොදටම් ක්‍රීඩා කරන්නේ ඔන්න ඔය කාලේ…සංගා හොදටම කරේ අවුරුදු 30න් පස්සේ… එතකොට දිල්ශාන් සාර්ථකම වුනේ අවුරුදු 35න් පස්සේ… ඉතිං ප්‍රමෝද්‍ය ක්‍රිකට් ගහපු කෙනෙක් විදිහට එක්දින තරග වල 41ක ඇවරේජ් තියාගෙන අපිට ඉන්න හොදම ජේෂ්ඨයා අයින් කරලා තියෙන එක මහ අපරාදයක් ! අනික ඇන්ජි කියන්නේ මැච් විනින්ග් ප්ලෙයර් කෙනෙක් !

දැන් කොහොම හරි වාසනාවකට චරිත් අසලංක , ප්‍රවීන් , දනංජය ලක්ෂාන් , රමේෂ් , බිනුර , චාමික වගේ ප්ලෙයර්ස්ලා හරිම තැනට අරගෙන ආවා.

දැන් ඉතිං පැතුම්ට වගේ නොකර මැච් එකක් දෙකක් මේ අය සාර්ථක වුනාම ඕල් ෆෝමැට් ගස්සවන්නේ නැතුව මේ අය නැෂනල් ක්‍රිකට් ගහන්න කලින් ගහපු ලෝකල් ක්‍රිකට් වල මොන ෆෝමැට් එකේද සාර්ථක වෙලා තියෙන්නේ අසාර්ථක වෙලා තියෙන්නේ කියලත් පොඩ්ඩක් බලලා කලබල නොවී හිමීට හැදුවා නම් මේ අය 2023 ලෝක කුසලානය වෙද්දි හොද තැනක ඉදියි.

අසලංක කියන්නේ ඕඩි අයි හොද පිතිකරුවෙක් වගෙයි දනංජය ලක්ෂාන් කියන්නේ වන්ඩේ ටුවෙන්ටි ස්පෙෂලිස්ට් කෙනෙක් ! එතකොට රමේෂ් ඕල් ෆෝමැට් සෙට් වෙද්දි ප්‍රවීන් කියන්නේ වන්ඩේ ටෙස්ට් ස්පෙෂලිස්ට් කෙනෙක් ! ඉතිං මේ අයව හරියට හදුනාගෙන දනංජය ද සිල්වා කියන ටෙස්ට් තරගවල සාර්ථකම පිතිකරුවා විස්සයි විස්ස කන්ඩායමේ නොම්බර හය හත එව්වා වගේ මේ අයවත් හාන්නේ නැතුව තියා ගත්තොත් තව අවුරුදු පහක් එක දිගට මැච් පැරදුනත් හිත හදාගෙන බලන්න පුළුවන් කවදා හරි ගොඩ ඒමක් තියෙන මැනේජ්මන්ට් එකක් කරන හින්දා !!!

මේ වෙලාවේ අපේ වන්ඩේ ටීම් එකට ඇන්ජි වගේ අත්දැකීම් තියෙන මැච් Situation හැඩ්ල් කරන්න පුළුවන් මැච් විනින්ග් ප්ලෙයර්ස්ලා ඕනි…

ඒ වගේම චන්දිමාල් , තිරිමාන්න , දිමුත් වගේ අත්දැකීම් තියෙන මේ ෆෝමැට් එකේ දෙයක් කරන්න පුළුවන් මැච් විනින්ග් ප්ලෙයර් කෙනෙක් තව අපිට ඕනි ඇන්ජි කුසල් එක්ක මේ අලුත් කොල්ලෝ ටික හදා ගන්න.

ඔය කුසල් මෙන්ඩිස් ඇරෙන්න දික්වැල්ල , දනංජයලා මහ ලොකුවට මැච් විනින්ග් ප්ලෙයර්ස්ලා වෙලා නෑ මෙච්චර කාලෙකට මේ ෆෝමැට් එකේ… ඉතිං මැච් දිනන්න නම් මැච් දිනවන ප්ලෙයර්ස්ලා ඕනි.

මම හිතනවා තිරී , දිමුත් , චන්දි මේ තුනෙන් එක්කෙනෙකුත් ඇන්ජිත් මේ ටීම් එකට සෙට් වෙන්න ඕනි.

එතකොට දසුන් ශානක තාම භාගේ ප්ලෙයර් කෙනෙක් විතරයි.දසුන් කියන්නේ ඕල්‍රවුන්ඩර් කෙනෙක් නම් ඒක නමට විතරක් ඕල්‍රවුන්ඩර් කෙනෙක් වෙන්නේ නැතුව වැඩ වලින් ඒක පෙන්නන්න ඕනි.දැන් අලුතින් ආපු දනංජය ලක්ෂාන් වගේ කෙනෙක් නොම්බර හතට හදා ගන්න පුළුවන් නම් අපිට ෆිනිෂිං රෝල් එකට ඇන්ජි එක්ක නොම්බර හයට වනිදු එකතු කරන්න පුළුවන් !

අසලංක ෆේල් වුනේ එක මැච් එකයි.ඒකත් ලෝකේ අංක එකේ ටීම් එක ඉස්සරහා… මේ වෙද්දි අපේ ලෝකල් ක්‍රිකට් වල ඉන්න ලිස්ට් ඒ මැචස් වල සාර්ථකම පිතිකරුවෙක් තමයි අසලංක කියන්නේ !

ලෝක පුදුමේ හරිම තැන මේ මනුස්සයාට හරිම ෆෝමැට් එකේ පලවෙනි මැච් එකේම ගහන්න හම්ඹුනා…

ඉතිං මෙච්චර වෙලා කියන්නේ මෑන් මැනේජ්මන්ට් !!!
මේ මෑන් මැනේජ්මන්ට් හරියට කරන්න ඕනි ටීම් එකේ කෝච්…
කෝච් ඉන්නේ මැනේජ්මන්ට් කරන්න මිසක් මේ අයට අමුතුවෙන් ලොකුවට උගන්නන්න දෙයක් නැ මේ ලෙවල් එකට එනකොට…

ඔය රවී ශාස්ත්‍රි කියන්නේ මහ ලොකු කෝච් කෙනෙක් නෙමෙයි !
හැබැයි අද එයා ප්‍රභල කෝච් කෙනෙක් වෙලා ඉන්නේ ඉන්දියාවට එයා හරි වෙලාවෙදි හරි තීරණ ගත්ත හින්දා !

දැන් ලංකාවේ බොහෝ අයට ඉංග්‍රීසි කතා කරන්න බැ… සමහරුන්ට කියන දේ තේරෙන්නෙත් නෑ… සමහරු ඉංග්‍රීසි කතා කරාට තාම හරියට බෑ… හැබැයි අපේ කෝචිං ස්ටාෆ් බෝඩ් එකේ හුගාක් අය විදේශීය පුහුණුකරුවෝ…

ඉතිං අපෙත් ඉන්නවා ඔය කණ්ඩම්බි , මහේල වගේ හොද මෑන් මැනේජ්මන්ට් කරන්න පුළුවන් කෝච්ලා…
ලංකාවේම නිසා රට ගැන පිටරට අයට වඩා කැක්කුමක් තියනවා.
ක්‍රීඩකයින්ට කියන සුද්ධ සිංහල තේරෙනවා.
ක්‍රිකට් බෝඩ් එකත් එක්ක ඉදලා කෝච් කරන්නේ නැතුව ප්ලෙයර්ස්ලා එක්ක ඉදලා එයාලගේ ගැටලු විසදගෙන හොද දේවල් කරන කෝච්ලා මේ ලංකාවෙත් ඉන්නවා.

කොහොම හරි කමක් නෑ…
මේ මෑන් මැනේජ්මන්ට් එක හරි විදිහට කරොත් අපේ දීර්ඝ කාලීන ක්‍රිකට් සැලැසුම් කෙසේ වෙතත් කෙටි කාලීන ක්‍රිකට් සැලැස්ම හරි අපිට සාර්ථක කර ගන්න පුළුවන් !!!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here