ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙකු වන නිරෝෂන් දික්වැල්ල , ධනුෂ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස් හට ජාත්‍යන්තර ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවනු ලැබුවා. ඒ ඔවුන් අනවසරයෙන් ජෛව ආරක්ෂක බුබුළකින් පිටතට ගමන් කිරීම හේතුවෙන්. මොවුන් තිදෙනාගේ වත්මන් තත්වය පිළිබඳව සදහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති රවීන් වික්‍රමරත්න මහතා සදහන් කර සිටියේ නිරෝෂන් දික්වැල්ල ස්විස්ටර්ලන්තයට ගොස් මානසික වෛද්‍යවරයෙක් හමුවීමට අවසර පැතූ බවයි.


“විනය විරෝධී දෙයක් වුණාම ඔවුන්ව බලාගන්න ඔවුන්ගේ මුදල් ලබාදෙන්න අපට බෑ. අපි ඒත් ඔවුන්ගේ හැකියාව අගය කරනවා. ඔවුන් දිහා බලාගෙන ඉන්නවා. විශේෂයෙන්ම කියන්න ඕනේ නිරෝශන් දික්වැල්ල මේ ලඟදි ඔහුට මේ ඇතිවුන ව්‍යාකූල තත්වයවයට පිළියමක් ලබාගැනීම සඳහා ස්විට්සර්ලන්තයේ මානසික වෛද්‍යවරයෙක් හෝ උපදේශකයකු මුණගැහෙන්න යන්න අපෙන් අවසර ඉල්ලලා ලිපියක් යොමු කරලා තිබුණා. ඒක ඉතාමත් හොඳ තීරණයක්. අපි ඔහුට ඒකට අවසර ලබාදුන්නා.” යනුවෙන් රවීන් වික්‍රමරත්න මහතා සදහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here