අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් නිකුත් කරන ලද නවතම 20 – 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ සටහනේ අංක 01 ස්ථානයට පත්වීමට එංගලන්තය පිතිකරු ඩේවිඩ් මාලන් සමත්ව තිබෙනවා.ඒ මෙතෙක් කලක් අංක 01 ස්ථානයේ රැදී සිටි පාකිස්තාන නායක බාබර් අසාම් දෙවන තැනට පත්කරමින්. එංගලන්ත ඕස්ට්‍රේලියා 20-20 තරගාවලිය ආරම්භ වීමට ප්‍රථම ඩේවිඩ් මාලන් ශ්‍රේණිගත කිරීම්හි පස්වන ස්ථානය රැඳී සිටි අතර අංක 10 ස්ථානයේ රැඳී සිටි විරාත් කෝලි අංක 9 දක්වා ඉහළට පැමිණ තිබෙනවා. ඩේවිඩ් මාලන් මේ දක්වා 20 – 20 තරග 16 ක් ක්‍රීඩා කරමින් සාමාන්‍ය 48.71ක් හා ප්‍රහාරාත්මක වේගය 146.67 ක අගයක රදවාගෙන තබා ගැනීමට සමත්ව තිබෙනවා.

2020 පන්දු යවනන් ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් පෙරමුණ ලබා ගැනීමට රශීඩ් ඛාන් සමත්ව ඇති අතර එහි දෙවන ස්ථානය හිමිකර ගෙන සිටින්නේත් තවත් ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෙකු වීම විශේෂයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here