වසර තිස් දෙකකට පසුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංණයේදී ටෙස්ට් තරගයක් පරාජයට පත් කළ ඉන්දීය කණ්ඩායම ඕස්ට්‍රේලියාව සමගින් පැවති බෝඩර් – ගවස්කාර් තරගාවලිය 2 – 1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත්විය. මෙම ටෙස්ට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා ( කඩුලු 13 ක් ) බවට පත්වූ මොහොමඩ් සිරාජ් තම ටෙස්ට් දිවියේ පළමු කඩුලු 05 දවා ගැනීමටද සමත්වූයේ මෙම තරගයේදීය.

ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරගාවලිය තරගාවලිය ආරම්භ වත්ම මොහොමඩ් සිරාජ්ගේ පියා අභාවප්‍රාප්තවූ අතර ඔහු නැවතත් ඉන්දියාවට පිටත්වීම ප්‍රතික්ෂේප කොට කණ්ඩායම සමගින් ඕස්ට්‍රේලියාවේම රැදී සිටීමට තීරණය කරන ලදි.

ඔහුගේ මෙම සුවිශේෂී දක්ශතාවයන් පිළිබඳව ඔහුගේ සොහොයුරා වන මොහොමඩ් ඉස්මයිල් ANI පුවත් සේවය සමගින් අදහස් පළකරමින් සදහන්කොට ඇත්තේ ” මට විශාල ගෞරවයක් දැනෙනවා. සිරාජ් මගේ පවුලේ සාමාජිකයන් මෙන්ම මගේ රටටත් ආඩම්බරයක් රැගෙන ආවා. සිරාජ්ට තාත්තා නැතිවීම පිරවිය නොහැකි විශාල පාඩුවක්. අම්මා ඔහුට ගොඩක් උදව් කළා මේ අපහසු කාල සමය පසුකිරීමට. සාමාන්‍යයෙන් අම්මා දවසකට පැය 2 – 3 ක් සිරාජ් එක්ක දුරකථනයෙන් කතා කරලා ඔහුට ශක්තියක් වුණා. තරගාවලි ජයග්‍රහණයක් ලබාදීමට තරම් ඔහුගේ පන්දු යැවීම අතිවිශිෂ්ඨ වුණා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනී විරාට් කෝලි හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කළමණකාරීත්වය. සිරාජ් අසාර්ථකවූ දින වලදීත් ඔහුට ශක්තියක් වුණා. ඔවුන් සිරාජ්ව කණ්ඩායම තුළ රදවා ගෙන විශ්වාසය ලබා දුන්නා යැයි මොහොමඩ් සිරාජ්ගේ සහෝදරයා වන මොහොමඩ් ඉස්මයිල් ANI පුවත්පත වෙත අදහස් දක්වා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here