එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය ඉලක්ක කොටගෙන බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරණ පුහුණු උපදේශක ලෙස පත්කරන ලද නවසීලන්ත හිටපු ටෙස්ට් ක්‍රීඩක හා හිටපු නවසීලන්ත පිතිකරණ පුහුණුකරු ක්‍රේග් මැක්මිලන් එම තනතුර බාරගැනීම ප්‍රතික්ෂේප කොට තිබෙනවා.

මීට හේතුව ලෙස බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සිදුකළ නිවේදනයේ සදහන් වන්නේ ක්‍රේග් මැක්මිලන්ගේ පියාගේ අභාවය හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකා තරග සංචාරයේදී බංග්ලාදේශ කණ්ඩායම සමගින් එක්වීමට නොහැකි බව ප්‍රකාශ කළ බවය. කෙසේ වෙතත් ඔහු වෙනුවට වෙනත් අයෙකු ශ්‍රී ලංකා සංචාරය සදහා පත් කරනවාද නැද්ද යන්න තවමත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කොට නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here