වසර ගණනාවකට පසුව බංග්ලාදේශ කණ්ඩායමක් සම්පූර්ණ තරගාවලියක් සදහා සිම්බාබ්වේ දේශය බලා පිටත්ව යෑමට නියමිතව තිබෙනවා. අවසන් වරට 2013 වසරේදී බංග්ලාදේශ කණ්ඩායමක් සිම්බාබ්වේහි තරග සංචාරය කරනු ලැබුවා. කෙසේනමුත් බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී මින්හජුල් ඇබෙඩින් මහතා සදහන් කර සිටින්නේ සිම්බාබ්වේ පවතින දේශගුණික තත්වය තම කණ්ඩායමට විශාල අභියෝගයක් වනු ඇති බවයි.

(Photo by MUNIR UZ ZAMAN / AFP) (Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

” අපි සිම්බාබ්වේ තරග සංචාරයක් කරන්නේ වසර 7 – 8 කට වගේ පසුව. අපි ලොකු බලාපොරොත්තුවකින් සිටිනවා තරග අංශ 03 ම හොදින් ක්‍රීඩා කරන්න. නමුත් මෙම තරගාවලිය අපට අභියෝගයක්. මට මගේ කණ්ඩායම පිළිබඳව ලොකු විශ්වාසයක් තිබෙනවා. නමුත් සිම්බාබ්වේ දේශගුණික තත්වය අපට ලොකු අභියෝගයක්. අපි එම අභියෝගය සදහා සූදානම් විය යුතුයි” යනුවෙන් ඔහු සදහන් කර තිබෙනවා.
තවදුරටත් අදහස් දක්වමින් මින්හජුල් ඇබෙඩින් මහතා සදහන් කර තිබෙන්නේ ඕනෑම කණ්ඩායමක් සමගින් මව්බිමෙන් පිටතදී ක්‍රීඩා කිරීම අභියෝගයක් බවයි.

(Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

” මව්බිමෙන් පිටතදී ක්‍රීඩා කිරීම විශාල අභියෝගයක්. විශේෂයෙන්ම සිම්බාබ්වේ අධික සීතලක් තිබෙනවා. එයට හැඩගැසීම තමයි ලොකුම අභියෝගය වෙන්නේ. අවසන් වරට අපි සිම්බාබ්වේ සංචාරය කරනවාට වඩා අපේ කණ්ඩායම දැන් අත්දැකීම් වලින් සම්පූර්ණයි” යනුවෙන් ඔහු සදහන් කර සිටියා.
බංග්ලාදේශ කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරයට ටෙස්ට් තරග 01 ක් එක්දින තරග 3 ක් හා 20 – 20 තරග 3 ක් ඇතුළත් වනවා. තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය ලෙස එළඹෙන මස 7 වනදා බුලවායෝහිදී ටෙස්ට් තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here