එළඹෙන 26 වනදා ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග විස්තර විචාරකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා එක්වනු ඇති බවට bdcrictime වෙබ් අඩවිය අනාවරණය කර සිටී.

තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස එක්වීමට පැමිණි හර්ෂල් ගිබ්ස්හට හදිසියේ ඇතිවූ පුහුණුකාර තනතුරක පුරප්පාඩුවක් පිරවීමට සිදුවීම නිසා ඔහු වෙනුවට මෙලෙස ආතර් මහතා LPL තරගාවලියේ තරග විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරනු ඇති බවට bdcrictime වෙබ් අඩවිය සදහන් කර සිටී.

LPL තරගාවලියේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් bdcrictime වෙබ් අඩවිය සදහන්කොට ඇත්තේ මිකී ආතර් මහතා ඉතා හොද තරග විස්තර විචාරකයෙකු බවත් ඔහු මීට පෙරද තරග විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කොට තිබෙන බවත්‍ ය.

කෙසේවෙතත් මේ පිළිබඳව නිළ වශයෙන් කිසිදු ප්‍රකාශයක් LPL තරග සංවිධායකයන් සිදුකොට නැති අතර මේ වනවිට රසල් ආනොල්ඩ් , රොෂාන් අබේසිංහ , ඩැරන් ගංගා , මයික් හේස්මන් හා අමීර් සොහෙල් යන මහත්වරුන් ජාත්‍යන්තර තරග විස්තර විචාරකයන් ලෙස තරගාවලිය තුළදී කටයුතු කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here