“වෘත්තීමය වශයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සමගින් එක් වීමට ලැබීම ඇත්තටම සතුටක්.දක්ෂ ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය හරහා හැමදාම එනවා.ඒ වගේම මමත් විශාල දැනුමක් අත්දැකීමක් ලබා ගත්තා පසුගිය වතාවේදී ඔවුන් සමගින් වැඩ කිරීම තුළින්.විශේෂයෙන්ම පරිණත ක්‍රීඩකයන් වන මයිකල් ක්ලාක් , බ්‍රැඩ් හැඩින් , ශේන් වොට්සන් වගේම තරුණ ක්‍රීඩකයන් විදිහට ස්ටීව් ස්මිත් , ඩේවිඩ් වෝනර් , පීටර් නෙවිල් , මොයිසස් හෙන්රික්ස් වගේ අයත් එක්ක මම වැඩ කළා.එසේම අන්තර්ජාතික වශයෙන් පුහුණුකරුවෙකු ලෙස ක්‍රියා කිරීම තුළින් ලබපු අත්දැකීම් හා විශ්වාසය මෙවර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වෙනුවෙන් භාවිතා කිරීමට මට හැකිවනු ඇතැයි මම හිතනවා” යැයි හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක හා පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ප්‍රකාශ කොට ඇත

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන පිල් ජැක්ස් හතුරුසිංහගේ සම්ප්‍රාප්තිය පිළිබඳව දැඩි සතුටකින් අදහස් ප්‍රකාශ කොට තිබුණි. චන්දිගේ අත්දැකීම් තුළින් අපට විශාල වශයෙන් දෙයක් ලබා ගන්න පුළුවන්.විශේෂයෙන්ම ඔහු ජාත්‍යන්තර කණ්ඩායම් දෙකක පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළා.ඒ වගේම ඔහු මීට පෙරත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සමග කටයුතු කිරීම තුළින් මෙහි සිදුවන ක්‍රියාවලිය පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙනවා.ඒ නිසා චන්දිගේ පැමිණීම අපේ පුහුණු මණ්ඩලයේ ශක්තිය තවත් වැඩිකර වන්නක් බව කිවයුතු යැයි පිල් ජැක්ස් ප්‍රකාශ කොට තිබුණි.

හතුරුසිංහ මහතා මීට පෙර 2011 වසරේ සිට 2014 වසර දක්වා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සමගින් කටයුතු කළ අතර ඉන්පසුව බංගලාදේශයේ හා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ලදී.එසේම 2006 වසරේ සිට 2009 වසර දක්වා සාර්ථක ලෙස ශ්‍රී ලංකා A කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ එතුමා 2009 – 2010 වසරක කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙවනැළි පුහුණුකරු ලෙස කටයුතු කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here