ආබාධයකට ලකව සිටි නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් පාකිස්තානය සමගින් පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයෙන් ඉවත්කොට තිබෙනවා. පළමු ටෙස්ට් තරගයයේ පන්දුවට පහරදීමේදී ශහීන් අෆ්රිඩිගේ පන්දුවක් පාදයේ වැදීම හේතුවෙන් නීල් වැග්නර්ගේ පාදයේ ඇගිලි දෙකක අස්ථි බිදීගියා.

කෙසේ වෙතත් දැඩි වේදනාව පසෙකළා ඔහු සිය කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ අතර තරගය පුරාවටම පන්දුවාර 49 ක් ක්‍රියාත්මක කොට ලකුණු 105 කට කඩුලු 04 ක් දවාගැනීමට ඔහු සමත්වුණා. මේ අතරවාරයේදී පාකිස්තාන දෙවන ඉනීමේ තීරණාත්මක කඩුල්ලක්වූ ශතකලාභී ෆාවඩ් අලාම්ගේ කඩුල්ල දවා ගැනීමට ඔහු සමත්වුණා. ඔහු පිළිබඳව අදහස් දැක්වූ නවසීලන්ත පුහුණුකරු ගැරි ස්ටේඩ් සදහන්කොට ඇත්තේ ” මම හිතන්නෙ නෑ එවැනි ආකාරයේ වේදානාවක් හැම ක්‍රීඩකයෙක්ට දරාගෙන ක්‍රීඩා කරන්න පුළුවන් කියලා . ඔහු වේදනා නාශක පෙති හා එන්නත් දිගින් දිගටම ලබාගෙන ක්‍රීඩා කළේ. ඔහුට සති 06 ක පමණ කාලයක් ක්‍රීඩාවෙන් ඈත්වන්නට සිදුවනවා. ඔහු වැනි කණ්ඩායමට අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙකු නොමැතිව ක්‍රීඩා කිරීම විශාල පාඩුවක්. ඔහු වෙනුවට කණ්ඩායමට ඇතුළත් කරන ක්‍රීඩකයා සිකුරාදා දින තීරණය කරනවා ” යැයි ඔහු තවදුරටත් සදහන්කොට සිටියේය.
Got ’em – Wagner with the short stuff has worked on Fawad who tickles one through to BJ Watling!
— BLACKCAPS (@BLACKCAPS) December 28, 2020
A broken toe can’t keep the lion-heart down 🦁
Watch the action LIVE on @sparknzsport ⬇️https://t.co/jRVPglfns1#NZvPAK #CricketNation pic.twitter.com/JJYxuuJsQ6