ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තීරණාත්මක තෙවන හා අවසන් එක්දින තරගය හෙට ශ්‍රී ලංකාවේ වේලාවින් සවස 2.30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. තරගාවලිය මේ වනවිට 1- 1 ලෙස සමව පවතින අතර හෙට තරගාවලිය ජයග්‍රහණය කරන කණ්ඩායමට තරගාවලියේ ජයග්‍රහණය හිමිවීමට නියමිතව තිබෙනවා. තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් හිටපු ශ්‍රී ලංකා නායක හා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සදහන් කර සිටියේ හෙට තරගය සදහා බිනුර ප්‍රනාන්දු ක්‍රීඩා කිරීම වඩාත් යෝග්‍ය බවයි.

” අකිල තවමත් කළබලයි කඩුලු ලබාගන්න. ඒ නිසා මම හිතනවා බිනුර කණ්ඩායමට එනවා නම් අකිලට මානසිකව හිතන්න එක තරගයක රෙස්ට් එකක් දුන්නට කමක් නෑ කියලා. අපි දග පන්දු යවනන් වැඩිපුර යොදාගන්න උත්සාහ කරනවා නම් , කඩුල්ල තවත් දගපන්දු යවන්නට හිතකර වෙන්න තණතීරුව හදනවා නම් මතක තියාගන්න ඒ ගොල්ලන්ට දගපන්දු යවනන් 3 දෙනෙක් ඉන්නවා. ඒ තුන්දෙනෙක් ඉන්න වෙලාවක ඔවුන්ට අවස්ථාවක් සළසන්න හොද නෑ අපිව පස්සේ කකුළට දාන්න. ඒ නිසා වනිදු , ප්‍රවීන් , ධනංජය හා අසලංක ඇති අපට දගපන්දු යවනන් විදියට. බිනුර ක්‍රීඩා කරවන්නේ ඉක්මනට කඩුලු ලබාගන්න. ඒ වගේම භානුක රාජපක්ෂ තරග දෙකක් අසාර්ථක වුණා. නමුත් අපි පළවෙනි තරගයේ ලකුණු 300 සීමාවට ලගාවුණා.

අංක 3 ස්ථානය කියන්නේ තරගයක මොමෙන්ටම් එක තීරණය කරන තැන. අංක 3 තමන් ක්‍රීඩා කරනකොට අනික් අයට පීඩනයක් වෙනවා නම් , ලකුණු ගන්න වෙලාවක් ගන්නවා නම් කණ්ඩායමේ ඉක්මනට තව කඩුලු බිදවැටෙන්න පුළුවන්. කණ්ඩායමේ අංක 3 ක්‍රීඩා කරන කෙනාගේ වගකීම තමයි අනික් අයට පීඩනය නොදී ගේම් එක ඇදගෙන යන එක. අංක 3 ස්ථානයේ වෙනසක් කරන්න ඕනිනම් භානුක , චන්දිමාල් , කමිදු මෙන්ඩිස් ඉන්නවා. මේ අයගෙන් මොමෙන්ටම් එක අරගෙන යන්න පුළුවන් කෙනෙක් අංක 3 පිතිකරු වෙන්න ඕනී. මම නම් කියන්නේ භානුකට තව අවස්ථාවක් දීලා බලන්න ඕනී. එහෙම නැත්නම් චන්දි , කමිදු ඉන්නවා. හැබැයි ඒ අය ක්‍රීඩා කරන්නේ වමත් දගපන්දු යවනන් තුන් දෙනෙක් එක්ක කියලා අමතක කරන්න හොද නෑ. තේරීම් කමිටුවේ වගකීම තමයි ලකුණු 300 ක් ක්‍රීඩා කරන්න පුළුවන් කණ්ඩායමක් ක්‍රීඩා කරවන එක. ඒ වගේම තරග නරඹන කොට කිසිම වෙලාවක කණ්ඩායමේ ඉන්න 15 නැතුව එළියේ ඉන්න අය හොදයි ඇයි එයා නැත්තේ මෙයා නැත්තේ කියලා හිතන්න එපා” යනුවෙන් මාලිංග සදහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here