ශ්‍රී ලංකා තරග සංචාරය ඉලක්ක කොටගෙන නම් කළ 27 දෙනෙකුගෙන් යුත් බංග්ලාදේශ මූලික සංචිතයේ ක්‍රීඩකයන්ගෙන් අගහරුවාදා දින සිදුකළ කොවිඩ් – 19 පරීක්ෂණයේදී වේග පන්දු යවන ක්‍රීඩක අබු ජායේඩ් කොවිඩ් – 19 ආසාධනයවී ඇති බව පරීක්ෂණයේ ප්‍රතිඵල මගින් තහවුරුවී ඇති බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

මීට පෙර කොවිඩ් – 19 ආසාධනයවූ සයිෆ් හසන්ට සිදුකළ පරීක්ෂණයේදී ඔහු මේ වනවිට ආසාධිතයෙකු නොවන බව අනාවරණයවූ බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කරයි. මෙවැනි තත්වයක් පවතිද්දීත් බංග්ලාදේශය දින 14 ක නිරෝධනය ප්‍රතික්ෂේප කිරීම පුදුමයට කරුණකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here