ලබන මසදී පැවැත්වීමට නියමිත බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ඉලක්ක කොටගෙන 27 දෙනෙකුගෙන් යුත් බංග්ලාදේශ මූලික සංචිතයක් අද දින ප්‍රකාශයට පත්කොට තිබෙනවා. ක්‍රීඩකයන් 20 දෙනෙකුගෙන් යුතු සංචිතයක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත අතර නම් කළ මූලික සංචිතයට වේග පන්දු යවනන් 09 දෙනෙකු දග පන්දු යවනන් සිව්දෙනෙකු ඇතුළත්.

තරගාවලිය ලබන මස 24 වනදා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ඇරඹීමට නියමිත අතර ඊට පෙර ශ්‍රී ලංකා A කණ්ඩායම සමගින් පුහුණු තරගයක් ක්‍රීඩා කිරීමට නියමිත බව සදහන් වුවද තවමත් තරගාවලියේ නිළ කාලසටහනක් නිකුත් කොට නොමැත.

බංග්ලාදේශ මූලික සංචිතය  Mominul Haque (captain), Tamim Iqbal, Sadman Islam, Saif Hassan, Imrul Kayes, Soumya Sarkar, Mushfiqur Rahim, Mohammad Mithun, Liton Das, Nazmul Hasan Shanto, Mossadek Hossain, Mahmudullah, Yasir Ali, Nurul Hasan, Mehedy Hasan Miraj, Taijul Islam, Sanjamul Islam, Naeem Hasan, Mustafizur Rahman, Rubel Hossain, Shafiul Islam, Taskin Ahmed, Al Amin Hossain, Saifuddin, Ebadat Hossain, Abu Jayed, Hasan Mahmud.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here