බංග්ලාදේශ පිතිකරු සයිෆ් හසන් මේ වසර මුලදී ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් වරම් දිනාගත් අතර නිකලස් ලී ( නික් ලී ) බංග්ලාදේශ කණ්ඩායමේ අභායසකවරයා ලෙස බංග්ලාදේශ පුහුණු කාර්ය මණ්ඩලය සමගින් එක්වූ නවතම සාමාජිකයා විය. මීට පෙර නික් ලී ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් කටයුතු කළ අතර ඔහු දිල්ලි හිදී පැවැති ශ්‍රී ලංකා – ඉන්දියා ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අසනීප වීම හේතුවෙන් පන්දු රැකීමට සූදානම්ව සිටීම හේතුවෙන් කා අතරත් ජනප්‍රිය වූ චරිතයකි.

බංග්ලාදේශ ක්‍රිකට් මාධ්‍ය කළමණාකරු ප්‍රකාශ කොට තිබුණේ සදුදා දින බංග්ලාදේශ ක්‍රීඩකයන් හා පුහුණු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාගේ කොවිඩ් පරීක්ෂණ සදහා සාම්පල ලබාගත් බවත් ඒ අතරින් මෙම දෙදෙනාහට කොවිඩ් 19 ආසාධනයව ඇති බවට අනාවරණයවූ බවත්ය. ශ්‍රී ලංකා තරග සංචාරය සදහා බංග්ලාදේශ කණ්ඩායම සැප්තැම්බර් මස 27 වනදා එරටින් පිටත්වීමට නියමිත බව බංග්ලාදේශ මාධ්‍ය අනාවරණය කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here