පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් නායක අසාර් අලීගේ නායකත්වය පිළිබඳව ප්‍රශණකාරී තත්වයක් හටගෙන ඇති බව ක්‍රික්ඉන්ෆො වෙබ් අඩවිය වාර්තා කරයි. සෆ්‍රාස් අහමඩ් නායකත්වයෙන් ඉවත්කොට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය සදහා අසාර් අලීව පත්කළ අතර පසුගිය මාස 12 ක කාලය පුරාවට පාකිස්තාන ටෙස්ට් කණ්ඩායමේ දියුණුවක් දැකගැනීමට නොහැකිවීම හේතුවෙන් මෙලෙස අසාර් අලී නායකත්වයෙන් ඉවත්කිරීම කෙරෙහි පාකිස්තාන ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව ඇතිබව ක්‍රික්ඉන්ෆො වෙබ් අඩවිය වාර්තා කොට ඇත.

එළඹෙන නවසීලන්ත තරග සංචාරයේදී නව නායකත්වයක් පත්කිරීම කෙරෙහි අවධානය යොමුකොට ඇති පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් ඒ සදහා සුදුසුම පුද්ගලයා ලෙස කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් සළකා බලා ඇති බව ක්‍රික්ඉන්ෆො වෙබ් අඩවිය වාර්තා කොට ඇත.

පසුගිය වසර කිහිපය පුරාවටම පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන කඩුලු රකින්නා ලෙස සෆ්‍රාස් අහම්ඩ් ක්‍රියාකළ බැවින් මොහොමඩ් රිස්වාන් හට කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් හිමිනොවූ අතර ඔහු ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගනිමින් ඕස්ට්‍රේලියාවේදී අර්ධ ශතකයක් හා එංගලන්තයේදී ටෙස්ට් තරගාවලියේ වීරයා සම්මානය දිනා ගැනීමට සමත්විය.

අසාර් අලීගේ නායකත්වය පිළිබඳව එංගලන්ත තරගාවලියේදී දැඩි විවේචනයන් සිදුවූ අතර විශේෂයෙන්ම හිටපු පාකිස්තාන නායක වසීම් අක්‍රම් අසාර්ගේ නායකත්වය පිළිබඳව දැඩි කළකිරීමකින් අදහස් දක්වන ලදි. එසේම මෑතකදී නිමාවට පත්වූ පාකිස්තාන T20 කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය කරා තම කණ්ඩායම මෙහෙයවීමට මොහොමඩ් රිස්වාන් සමත්වීමද ඔහුට නායකත්වය ලබාදීම කෙරෙහි සළකා බැලීම සදහා තවත් හේතුවක්වී ඇතිබව ක්‍රික්ඉන්ෆො වෙබ් අඩවිය සදහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here